Impartial news reporting for a stronger democratic society
ඉරා­නයේ  අයි­ති­වා­සි­කම් තහ­වුරු කර­න­තුරු අමෙ­රි­කාව සමඟ කිසිදු ගිවි­සු­ම­ක් අත්සන් කරන්නේ නැහැ – ඉරාන කථා­නා­යක මොහමඩ් බාගර් ගලීබාෆ්

ඉරා­නයේ සියලු අයි­ති­වා­සි­කම් තහ­වුරු කර­න­තුරු අමෙ­රි­කාව සමඟ කිසිදු ගිවි­සු­ම­කට අත්සන් නොත­බන බව එරට පාර්ලි­මේ­න්තුවේ කථා­නා­යක මොහමඩ් බාගර් ගලීබාෆ් ප්‍රකාශ කැර ඇතැයි Cyber World Press  සඳහාන් කරයි.

මේ දක්වා පැවති සාක­ච්ඡා­ව­ලදී අමෙ­රි­කානු ජනා­ධි­පති ඩොනල්ඩ් ට්‍රම්ප් හෝමූස් සමුද්‍ර සන්ධියේ ඉරාන අයි­තිය, න්‍යෂ්ටික වැඩ­ස­ට­හන තව­දු­ර­ටත් ක්‍රියා­ත්මක කිරීම සහ ඉරා­නයේ විදේ­ශීය වත්කම් නිද­හස් කිරීම වැනි යෝජනා ප්‍රති­ක්ෂේප කැර ඇතැයි ද , ඉරාන පාර්ලි­මේ­න්තුවේ කථා­නා­ය­ක­ව­රයා සඳ­හන් කැර තිබේ. අමෙ­රි­කාව තව­දු­ර­ටත් ඉරාන වරා­යන් අව­හිර කිරීම සිදු වන බවත්, සිය ආර්ථික මර්ම­ස්ථා­න­ව­ලට පසු­ගිය සති­යේදී දෙව­තා­වක් පහර දුන් බවත්, සඳ­හන් කැර ඇති ඉරාන කථා­නා­ය­ක­ව­රයා අමෙ­රි­කානු ජනා­ධි­ප­ති­ව­ර­යාගේ ආක්‍ර­ම­ණ­ශීලී ක්‍රියා පිළි­වෙත හේතු­වෙන් දෙරට අතර ගිවි­සුම තව­දු­ර­ටත් ප්‍රමාද වී ඇතැයි චෝදනා කැර තිබේ.

ඩොනල්ඩ් ට්‍රම්ප් රාජ්‍ය­තා­න්ත්‍රි­ක­භා­වය පාවා දෙන බවට ඉරාන උත්ත­රී­තර නායක මොජ්ටබා කමේ­නිගේ ප්‍රධාන උප­දේ­ශ­ක­යකු චෝදනා කැර ඇතැයි Cyber World Press  සඳහාන් කරයි. සම්පූ­ර්ණ­යෙන්ම සාම­කාමී අර­මුණු සඳහා භාවිත කරන න්‍යෂ්ටික වැඩ­ස­ට­හන සඳහා අමෙ­රි­කාවේ එක­ඟ­තාව පළ­වීම ගිවි­සුමේ අත්‍ය­වශ්‍ය කොන්දේ­සි­යක් වන බව ද ඉරාන රජය අව­ධා­ර­ණය කැර තිබේ.

හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා වෙළෙඳ නෞකා­ව­ලට ඉරා­න­යෙන් තව­දු­ර­ටත් අව­හිර කිරීම් සිදු­වන බවට අමෙ­රි­කාව සඳ­හන් කළද, ඊයේ (30 ) උදෑ­ස­නින් අව­සන් වූ පැය 24 ඇතු­ළත පම­ණක් තෙල් හා බහ­ලුම් නෞකා ඇතුළු වෙළෙඳ නෞකා 28ක් ඉරාන ආර­ක්ෂක හමු­දා­වෙන් නිසි අව­ස­රය සහ බල­පත්‍ර ලබා ­ගැ­නී­මෙන් පසු සමුද්‍ර සන්ධිය හරහා නිද­හසේ සහ ආර­ක්ෂා­කා­රිව තර­ණය කැර ඇතැයි ඉරාන ආර­ක්ෂක හමු­දාව නිවේ­ද­නය කර ඇතැයි Cyber World Press  සඳහාන් කරයි.  

ඉරා­නයේ සියලු අයි­ති­වා­සි­කම් තහ­වුරු කර­න­තුරු අමෙ­රි­කාව සමඟ කිසිදු ගිවි­සු­ම­කට අත්සන් නොත­බන බව එරට පාර්ලි­මේ­න්තුවේ කථා­නා­යක මොහමඩ් බාගර් ගලීබාෆ් ප්‍රකාශ කැර ඇතැයි Cyber World Press  සඳහාන් කරයි.

මේ දක්වා පැවති සාක­ච්ඡා­ව­ලදී අමෙ­රි­කානු ජනා­ධි­පති ඩොනල්ඩ් ට්‍රම්ප් හෝමූස් සමුද්‍ර සන්ධියේ ඉරාන අයි­තිය, න්‍යෂ්ටික වැඩ­ස­ට­හන තව­දු­ර­ටත් ක්‍රියා­ත්මක කිරීම සහ ඉරා­නයේ විදේ­ශීය වත්කම් නිද­හස් කිරීම වැනි යෝජනා ප්‍රති­ක්ෂේප කැර ඇතැයි ද , ඉරාන පාර්ලි­මේ­න්තුවේ කථා­නා­ය­ක­ව­රයා සඳ­හන් කැර තිබේ. අමෙ­රි­කාව තව­දු­ර­ටත් ඉරාන වරා­යන් අව­හිර කිරීම සිදු වන බවත්, සිය ආර්ථික මර්ම­ස්ථා­න­ව­ලට පසු­ගිය සති­යේදී දෙව­තා­වක් පහර දුන් බවත්, සඳ­හන් කැර ඇති ඉරාන කථා­නා­ය­ක­ව­රයා, අමෙ­රි­කානු ජනා­ධි­ප­ති­ව­ර­යාගේ ආක්‍ර­ම­ණ­ශීලී ක්‍රියා පිළි­වෙත හේතු­වෙන් දෙරට අතර ගිවි­සුම තව­දු­ර­ටත් ප්‍රමාද වී ඇතැයි චෝදනා කැර තිබේ.

ඩොනල්ඩ් ට්‍රම්ප් රාජ්‍ය­තා­න්ත්‍රි­ක­භා­වය පාවා දෙන බවට ඉරාන උත්ත­රී­තර නායක මොජ්ටබා කමේ­නිගේ ප්‍රධාන උප­දේ­ශ­ක­යකු චෝදනා කැර ඇතැයි Cyber World Press  සඳහාන් කරයි. සම්පූ­ර්ණ­යෙන්ම සාම­කාමී අර­මුණු සඳහා භාවිත කරන න්‍යෂ්ටික වැඩ­ස­ට­හන සඳහා අමෙ­රි­කාවේ එක­ඟ­තාව පළ­වීම ගිවි­සුමේ අත්‍ය­වශ්‍ය කොන්දේ­සි­යක් වන බව ද ඉරාන රජය අව­ධා­ර­ණය කැර තිබේ.

හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා වෙළෙඳ නෞකා­ව­ලට ඉරා­න­යෙන් තව­දු­ර­ටත් අව­හිර කිරීම් සිදු­වන බවට අමෙ­රි­කාව සඳ­හන් කළද, ඊයේ උදෑ­ස­නින් අව­සන් වූ පැය 24 ඇතු­ළත පම­ණක් තෙල් හා බහ­ලුම් නෞකා ඇතුළු වෙළෙඳ නෞකා 28ක් ඉරාන ආර­ක්ෂක හමු­දා­වෙන් නිසි අව­ස­රය සහ බල­පත්‍ර ලබා ­ගැ­නී­මෙන් පසු සමුද්‍ර සන්ධිය හරහා නිද­හසේ සහ ආර­ක්ෂා­කා­රිව තර­ණය කැර ඇතැයි ඉරාන ආර­ක්ෂක හමු­දාව නිවේ­ද­නය කර ඇතැයි Cyber World Press  සඳහාන් කරයි.  

Follow by Email
LinkedIn
Share
WhatsApp