Impartial news reporting for a stronger democratic society
ආසි­යාවේ සාම­යට  සඳහා කැප­ වෙනවා – අමෙ­රි­කානු ආර­ක්ෂක ලේකම් ෂැංග්‍රිලා සංවා­ද­යේදී කියයි

අමෙ­රි­කානු හමු­දාව ආසි­යා­වට පිටු­නො­පාන බව අමෙ­රි­කාවේ ආර­ක්ෂක ලේකම් පිට් හෙග්සෙත් සිංග­ප්පූ­රුවේ පැවති ෂැංග්‍රිලා සංවාද රැස්වී­මේදී ප්‍රකාශ කැර තිබේ.

කලා­පයේ ඉහ­ළම ආර­ක්ෂක සංස­දය ලෙස සැල­කෙන ෂැංග්‍රිලා සංවා­ද­යට එක්වූ ලොව පුරා රට­වල් රැසක ආර­ක්ෂක ඇමැ­ති­වරු සහ ආර­ක්ෂක ප්‍රධා­නීන් හමුවේ අමෙ­රි­කානු ආර­ක්ෂක ලේක­ම්ව­රයා මේ ප්‍රකා­ශය සිදු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කැර තිබු බව Cyber World Press සඳහාන් කරයි.

 තායි­වා­නය සමඟ පැවති අවි­ආ­යුධ සහ හමු­දා­මය උප­ක­රණ සැප­යීමේ ගනු­දෙ­නුව අත්හි­ටු­වී­මෙන් පසු අමෙ­රි­කාව ආසි­යානු කලා­පය සඳහා ඇති දැඩි කැප­වී­මක් පෙන්නුම්  කළ බව ඔහු වැඩි­දු­ර­ටත් සඳ­හන් කැර තිබේ.

ඉන්දු – පැසි­ෆික් කලා­පයේ ආර­ක්ෂාව සඳහා වැඩි මුද­ලක් වැය කරන ලෙස කලා­පයේ සියලු රට­ව­ලින් ඔහු ඉල්ලී­මක් ද කැර තිබේ. ආසි­යානු-පැසි­ෆික් කලා­ප­යට චීන හමු­දා­වෙන් තර්ජ­න­යක් ඇතැයි ද සඳ­හන් කැර ඇති අමෙ­රි­කානු ආර­ක්ෂක ලේක­ම්ව­රයා, අන­වශ්‍ය ගැටු­මක් වළක්වා ගැනී­මට අමෙ­රි­කා­වට අවශ්‍ය බව ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කරයි.

ඉරා­නය සමඟ ගිවි­සු­ම­කට එළැ­ඹීම ඉතා ආස­න්නයේ ඇති බව­ටත්, ගිවි­සු­මට එක­ඟ­වීම ප්‍රති­ක්ෂේප කරන්නේ නම්, ඉරා­න­යට එරෙ­හිව හමුදා ක්‍රියා­මාර්ග ගැනී­මට ජනා­ධි­පති ඩොනල්ඩ් ට්‍රම්ප් පිය­වර ගනු ඇති බව­ටත් පීට් හෙග්සෙත් අන­තුරු අඟවා ඇත.

 ඉරා­න­යට න්‍යෂ්ටික අවි­යක් නිප­ද­වී­මට ඉඩ නොදිය යුතු බව ලොවම පිළි­ගන්නා බව ද අව­ධා­ර­ණය කැර තිබේ. කෙසේ වෙතත් ඉරා­නය සමඟ නැවත යුද්ධ­ය­කට පිවි­සීම සඳහා අරාබි මුහුදේ අමෙ­රි­කානු හමු­දාව සීරු­වෙන් තබා ඇතැයි ද ඔහු ප්‍රකාශ කැර ඇත.

මේ අතර ආසි­යානු කලා­පයේ සාමය සහ ස්ථාව­ර­ත්වය පවත්වා ගැනීම සඳහා අමෙ­රි­කාවේ කැප­වීම සම්බ­න්ධව ඇති ගැටලු විස­ඳන ලෙස මෙහිදී අද­හස් පළ කළ ජපාන ආර­ක්ෂක  ඇමැති ෂින්ජිරෝ කොයි­සුමි අමෙ­රි­කානු ආර­ක්ෂක ලේකම් පීට් හෙග්සෙ­ත්ගෙන් ඉල්ලී­මක් කැර තිබේ. ඔහු සඳ­හන් කැර ඇත්තේ ඇතැම් රට­වල් එම කැප­වීම අව­ත­ක්සේරු කළ හැකි බැවින් අමෙ­රි­කා­වට සහ අමෙ­රි­කානු හිත­වාදී රට­ව­ලට ආසි­යානු කලා­පය සම්බ­න්ධව පව­තින කැප­වීම සහ­තික කළ යුතු බවයි.

Follow by Email
LinkedIn
Share
WhatsApp