
හොංකොං හි පැවැත් වෙන 22 වැනි ආසියානු වයස අවුරුදු 20 න් පහළ මලල ක්රීඩා ශූරතාවලියේ දී ශ්රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වු රන්සිනි පෙරේරා මීටර් 200 දීවීමේ කාන්තා ඉසව්වෙන් රන් පදක්කම දිනා ගත් අතර, තත්පර 24.07 ක කාලයක් වාර්තා කරමින් ඉහළම ස්ථානයට පත්විය.
මෙම තරගාවලියේදී ශ්රී ලංකාව බලා ගත් දෙවැනි රන් පදක්කම වෙයි.
පිරිමි මීටර් 200 ඉසව්වෙන් තත්පර 21.13 කින් අවසන් කරමින් සෙසු සදේව් රාජකරුණා ලෝකඩ පදක්කම දිනා ගනිමින් මෙම වාර්තාවට එක් විය.
