
මැදපෙරදිග යුධමය වාතාවරණය හේතුවෙන් අමෙරිකාවේ ඉන්ධන මිල 43%කින් ඉහළ ගොස් ඇති බව අනාවරණය වෙයි.
නොවැම්බර් මස මුල් භාගයේ පැවැත්වීමට නියමිත අමෙරිකාවේ මධ්යම වාර මැතිවරණයට පෙර තෙල් මිල පහත දැමීමට ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් දැඩි උත්සාහයක නිරතව සිටින බව Cyber World Press වාර්තා කරයි. අමෙරිකාවේ ඉන්ධන මිල ඉහළ යෑම මෙවර මැතිවරණයේදී ඡන්දදායකයන්ගේ ප්රධානතම ගැටලුව බවට පත්වී ඇති අතර, මේ වන විට එරට ඉන්ධන ගැලුමක මිල ඩොලර් 4.27 දක්වා ඉහළ ගොස් තිබේ.
මේ තත්ත්වය මත ගෝලීය බලශක්ති අර්බුදය හමුවේ වෙනිසියුලාවෙන් ලබා ගන්නා බොර තෙල් ඉන්දියාවේ පිහිටි ලොව විශාලතම තෙල් පිරිපහදු සංකීරණයට ලබා දීමේ හැකියාව සොයා බලමින් සිටි. අමෙරිකානු රාජ්ය ලේකම් මාර්කෝ රුබියෝ පසුගියදා ඉන්දියාවේ ජාම්නගර් ප්රදේශයේ පිහිටි මුකේෂ් අම්බානිගේ රිලායන්ස් සමාගම සතු තෙල් පිරිපහදුවේ නිරීක්ෂණ චාරිකාවකට එක්වී ඇත්තේ ඒ අනුව බව Cyber World Press වැඩිදුරටත් වාර්තා කරයි.
කෙසේ වෙතත් මෙවර මධ්යම වාර මැතිවරණයට පෙර අමෙරිකාවේ ඉන්ධන මිල සැලකිය යුතු ලෙස අඩුවීමට ඉඩක් නොමැති බවත්, ඉන්ධන ගැලුමක මිල තවදුරටත් ඩොලර් 4 සීමාවේ පවතිනු ඇති බවත් එරට ඛනිජ තෙල් විශ්ලේෂක පැට්රික් ඩි හාන් අනාවැකි පළකර ඇතැයි වාර්තා වේ.
