Impartial news reporting for a stronger democratic society
වසර දෙකක සැලසුමක් අප සතුයි ! අමෙරිකානු සම්බාධකවලට මුහුණ දෙන්න සූදානම්

අමෙරිකාවේ ආර්ථික ප්‍රහාරයට මුහුණදීම සඳහා වසර දෙකක ශක්තිමත්  සැලසුමක්  සකසා ඇතැයි ඉරානය මාධ්‍ය උපුටා දක්වමින්  Cyber World Press  සඳහාන් කරයි.

ඉරානයට දැඩි සම්බාධක පැනවීමට සහ ඉරානය සමඟ ගනුදෙනු කරන රටවලට අමෙරිකානු ජනාධිපති ඩෙනල් ට්‍රම්ප්  පසුගිය දා තර්ජන එල්ල කැර  ඇති බව වාර්තා වෙයි.

මෙතෙක් ඉතිහාසයේ එල්ල කරන විශාලතම ආර්ථික ප්‍රහාරය ලෙස අමෙරිකානු භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසෙන්ට් ප්‍රකාශයට පත් කළ ආර්ථික සම්බාධකවලට මුහුණ දීමට ඉරානය සම්පූර්ණයෙන්ම සූදානම් බවත්, ඉන් අමෙරිකාවට තවත් පරාජයක් අත්වනු ඇති බවත් ඉරාන ආර්ථික ඇමැති අලි මදානිසාදේ ප්‍රකාශ කැර ඇතැයි Cyber World Press  වාර්තා කරයි.

අමෙරිකානු භාණ්ඩාගාර ලේකම්වරයාගේ ප්‍රකාශය නිකුත් වීමෙන් පැය කිහිපයකට පසු ඉරාන ආර්ථික ඇමැතිවරයා මේ බව සඳහන් කැර ඇති අතර, අමෙරිකාවේ මෙවැනි සැලසුම් බොහෝ කාලයක සිට බලාපොරොත්තුවෙන් සිටි බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කැර තිබේ.

අමෙරිකාවේ සම්බාධකවලට මුහුණදීමට සහ පාලනය කිරීමට වසර දෙකක සැලසුමක් ඉරානය සතුව සතුව ඇතැයි එරට රාජ්‍ය රූපවාහිනිය ඔස්සේ සාකච්ඡාවකට එක්වූ ආර්ථික ඇමැතිවරයා සඳහන් කැර  ඇතැයි Cyber World Press වාර්තා කරයි.  

අමෙරිකාවේ එම ක්‍රියාමාර්ගය චීනය සහ රුසියාව පිළිගෙන නැති බවත්, සෙසු රටවල් ද ඊට එරෙහි වනු ඇති බවත් ඔහු අවධාරණය කැර තිබේ.

Follow by Email
LinkedIn
Share
WhatsApp