
- අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට ශ්‍රී ලංකාව දිස්වන අයුරු දැක්වෙන විශ්මයජනක ඡායාරූපයක්
- වලාකුළු සමඟ ඉන්දියන් සාගරයේ තද නිල් පැහැති ජලයෙන් වට වූ ශ්‍රී ලංකාව මෙන්ම ඉන්දියාවේ දකුණු කෙළවර
- මෙම ඡායාරූපය ලබාගෙන ඇත්තේ ථිවියේ සිට කිලෝමීටර් 400ක් පමණ ඉහළ සිට
- අමෙරිකානු අභ්‍යවකාශ හමුදාවේ කර්නල්වරයකු වන මෙනන්, 2026 ජූලි මාසයේදී ‘සෝයුස් එම්එස්-29’ අභ්‍යවකාශ යානයෙන් අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත ගමන් කැර ඇත.
අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට ශ්‍රී ලංකාව දිස්වන අයුරු දැක්වෙන විශ්මයජනක ඡායාරූපයක් මේවන විට ප්‍රසිද්ධ කැර ඇති බව Cyber World Press වාර්තා කරයි.
මෙම විශ්මයජනක ඡායාරූපය අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට ලබා ගෙන ඇත්තේ නාසා ගගනගාමී වෛද්‍ය අනිල් මෙනන් විසින් බව වාර්තා වෙයි.
ඔහුගේ නිල ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ පළ කැර ඇති මෙම ඡායාරූපයෙහි තැනින් තැන විසිරී ඇති වලාකුළු සමඟ ඉන්දියන් සාගරයේ තද නිල් පැහැති ජලයෙන් වට වූ ශ්‍රී ලංකාව මෙන්ම ඉන්දියාවේ දකුණු කෙළවර ඉතා අපුරු ලෙස දිස්වේ.
පෘථිවියේ සිට කිලෝමීටර් 400ක් පමණ ඉහළ සිට ලබාගෙන ඇති බවට වාර්තා වන මෙම ඡායාරූපය, ශ්‍රී ලාංකික සමාජ මාධ්‍ය පරිශීලකයන්ගේ දැඩි අවධානයට මේ වන විට ලක්ව ඇත.
ඉන්දියානු සම්භවයක් ඇති හදිසි වෛද්‍ය ප්‍රතිකාර පිළිබඳ වෛද්‍යවරයකු සහ අමෙරිකානු අභ්‍යවකාශ හමුදාවේ කර්නල්වරයකු වන මෙනන්, 2026 ජූලි මාසයේදී ‘සෝයුස් එම්එස්-29’ අභ්‍යවකාශ යානයෙන් අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත ගමන් කෙළේය.
ජෛව වෛද්‍ය පර්යේෂණ, අභ්‍යවකාශ වෛද්‍ය විද්‍යාව සහ කක්ෂගත විද්‍යාගාරය වැඩිදියුණු කිරීම ඇතුළත් මාස අටක මෙහෙයුමක් අතරතුර ඔහු ‘එක්ස්පෙඩිෂන් 74 සහ 75’ (Expeditions 74 and 75) හි පියාසර ඉංජිනේරුවරයකු ලෙස සේවය කරයි.
අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රැඳී සිටින කාලය තුළ මෙනන් එහි නිරීක්ෂණ මොඩියුලයේ සිට ලබාගත් පෘථිවියේ විවිධ භූ දර්ශනවල ඡායාරූප ද මෙලෙස බෙදාගනිමින් සිටීන බව Cyber World Press වාර්තා කරයි.
.
