
ගාසාව තුළ ක්‍රියාත්මක වන සටන් විරාමය කඩදමමින් ඊශ්‍රායල හමුදාව පළමුවරට ගොඩබිම් ආක්‍රමණයක් සිදු කර ඇතැයි Cyber World Press වාර්තා කරයි.
ඊශ්‍රායල හමුදාව මධ්‍යම ගාසා තීරයේ හමුදා මෙහෙයුම් ආරම්භ කරමින් යුද ටැංකි සහ බුල්ඩෝසර් යන්ත්‍ර එම පළාතේ සරණාගත කඳවුරු ආසන්නයට රැගෙන ගොස් ඇති අතර, වෙඩි තැබීම් සහ කාලතුවක්කු ප්‍රහාර හේතුවෙන් දහස් සංඛ්‍යාත පලස්තීනුවන් ප්‍රදේශයෙන් පලා යමින් සිටින බව වාර්තා කරයි. ඊශ්‍රායල හමුදාව නිවේදනය කැර ඇත්තේ, හමාස් සංවිධානයේ යටිතල පහසුකම් සහ ඊශ්‍රායල හමුදාවට එල්ල විය හැකි තර්ජන මැඬ පැවැත්වීම අරමුණු කරමින් එම මෙහෙයුම ක්‍රියාත්මක කළ බවය. ඊශ්‍රායල හමුදාවේ නව මෙහෙයුම සටන් විරාමය බරපතළ ලෙස උල්ලංඝනය කිරීමක් බවත්, ඊට මැදිහත්වන ලෙස හමාස් සංවිධානය සාම මැදිහත්කරුවන්ගෙන් ඉල්ලා සිටි බව වාර්තා වේ.
