Impartial news reporting for a stronger democratic society
බංග්ලා­දේ­ශයේ බිඳ වැටෙන මානව හිමිකමි ගැන ඔස්ට්‍රේ­ලි­යාවේ ආයතනයක් ආන්දෝ­ල­නා­ත්මක වාර්තාවක් නිතුත් කරයි
  • බංග්ලා­දේ­ශය තුළ ඝාතන, මැර ක්‍රියා   සහ අත්ත­නෝ­ම­තික අත්අ­ඩං­ගු­වට ගැනීම්
  • බර­ප­තළ මානව හිමි­කම් උල්ලං­ඝ­නය වීම් රැසක්
  • අධ්‍යා­පන හා සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ සිදු­වන අක්‍ර­මි­කතා

බංග්ලා­දේ­ශය තුළ සිදු වන ඝාතන, මැර ක්‍රියා   සහ අත්ත­නෝ­ම­තික අත්අ­ඩං­ගු­වට ගැනීම්  සම්බන්ධයෙන් ඔස්ට්‍රේ­ලි­යාව කේන්ද්‍ර කැර­ගත් ප්‍රජා­ත­න්ත්‍ර­වාදී අයි­ති­වා­සි­කම් සහ මානව හිමි­කම් තත්ත්වය පිළි­බඳ නිරී­ක්ෂණ සංවි­ධා­නය (DRPW) ආන්දෝ­ල­නා­ත්මක කරුණු ඇතු­ළත් වාර්තා­වක්  පසුගිය දා නිකුත් කැර තිබේ.

 එහි සභා­පති ආචාර්ය මොල්ලා හක් විසින් රචිත පිටු 43කින් සම­න්විත එම වාර්තාව මඟින් 2024 අගෝස්තු මාසයේ සිදු වූ දේශ­පා­ලන සංක්‍රා­න්ති­යෙන් පසු අන්ත­ර්වාර රජය සහ වත්මන් ජාති­ක­වාදී පක්ෂ රජය යටතේ බංග්ලා­දේ­ශයේ පව­තින මානව හිමි­කම් සහ මහ­ජන සෞඛ්‍ය තත්ත්වය දැඩි විම­ර්ශ­න­යට ලක් කැර ඇතැයි වාර්තා වේ.

වසර 2024 අගෝස්තු 5 වැනිදා සිට මේ වසරේ නොවැ­ම්බර් 7 වැනිදා දක්වා කාල­සී­මාව ඇතු­ළත සිදුවූ බව කියන බර­ප­තළ මානව හිමි­කම් උල්ලං­ඝ­නය වීම් රැසක් එම වාර්තා­වට ඇතු­ළත් වන අතර, නීති­ වි­රෝධී ඝාතන, සමූහ දේශ­පා­ලන අත්අ­ඩං­ගු­වට ගැනීම් මෙන්ම ආග­මික හා වාර්ගික සුළු­ත­ර­යන්, කාන්තා­වන් හා දරු­වන් ඉලක්ක කර­ගත් ප්‍රහාර අඛ­ණ්ඩව සිදු­වන බව පෙන්වා දී තිබේ. ජාත්‍ය­න්ත­රයේ දැඩි අව­ධා­න­යට ලක්වූ එම වාර්තාව සඳහා ස්වාධීන මානව හිමි­කම් නිරී­ක්ෂ­ක­යන්, ජාත්‍ය­න්තර ආය­තන, මාධ්‍ය මර්ද­නය මෙන්ම අධ්‍යා­පන හා සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ සිදු­වන බව කියන අක්‍ර­මි­කතා සම්බ­න්ධ­යෙන් ද කරුණු දක්වා තිබේ.

Follow by Email
LinkedIn
Share
WhatsApp