Impartial news reporting for a stronger democratic society
චන්ද්‍රබාබු නායිදු ,ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරියව උණුසුම්ව පිළිගනී

ඉන්දියාවේ විසාකාපට්නම්හි දී ආරම්භ වු 31 වැනි CII හවුල්කාරිත්ව සමුළුවට (CII Partnership Summit 2026)  සහභාගි වු , ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මහේෂිණි කොලොන්නේ මහත්මියව ආන්ද්‍ර ප්‍රදේශ් ප්‍රධාන  ඇමැති චන්ද්‍රබාබු නායිදු මහතා  විසින්  පිළිගත් අවස්ථාව.

“නව ලෝක පර්යාය තුළ ගමන් කිරීම: වෙළඳාම, තාක්ෂණය, විශ්වාසය සහ චින්තන නායකත්වය” (Navigating the New World Order: Trade, Technology, Trust, Thought Leadership) යන තේමාව යටතේ පැවති මෙම සමුළුව සඳහා ප්‍රතිපත්ති සම්පාදකයන්, ව්‍යාපාරික නායකයන්, ආයෝජකයන් සහ ජාත්‍යන්තර නියෝජිතයන් එක්ව සිටියහ.

වෙළෙඳාම, ආයෝජන, තාක්ෂණය, ගෝලීය අගය දාමයන් සහ ආර්ථික සහයෝගීතාව යන ක්ෂේත්‍රයන්හි මතුවෙමින් පවතින අවස්ථාවන් ගවේෂණය කිරීම මෙහි අරමුණ  විය.

ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ ජනතාවගේ යහපත උදෙසා එක්ව කටයුතු කිරීමට තමා බලාපොරොත්තු වන බවත්, ඉන්දු -ශ්‍රී ලංකා සබඳතා යහපත් අයුරින් වර්ධනය වීම දැකීම සතුටට කරුණක් බවත්  ප්‍රධාන ඇමැතිවරයා ප්‍රකාශ කැර ඇත.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින ශක්තිමත් දේශපාලන සබඳතාව, වඩාත් ගැඹුරු ආර්ථික හවුල්කාරිත්වයක් බවට පරිවර්තනය කිරීමේ වැදගත්කම මහ කොමසාරිස් කොලොන්නේ මහත්මිය අවධාරණය  කැර ඇත. ශ්‍රී ලංකාව සහ ආන්ද්‍ර ප්‍රදේශ් අතර වෙළෙඳාම, ආයෝජන, සංචාරක කර්මාන්තය, සම්බන්ධතාව (connectivity) සහ ව්‍යාපාර අතර හවුල්කාරිත්වයන් සඳහා වැඩි අවස්ථාවන් නිර්මාණය කැර ගැනීමේ අවශ්‍යතාව ඇය තවදුරටත්  පෙන්වා  දී ඇත.

Follow by Email
LinkedIn
Share
WhatsApp