Impartial news reporting for a stronger democratic society
හවුති ප්‍රහාර හමුවේ රියාද් ගුව­න්තො­ටු­පොළ සති­ය­කට වසයි

සවුදි අරා­බියේ රියාද් අග­නු­වර ජාත්‍ය­න්තර ගුව­න්තො­ටු­පොළ සති­යක කාල­සී­මා­ව­කට වසා දැමූ බව එරට සිවිල් ගුව­න්සේවා අධි­කා­රිය ප්‍රකාශ කළ බව Cyber World Press වාර්තා  කරයි.

හවුති කැර­ලි­ක­රු­ව­න්ගෙන් දිගින් දිග­ටම ප්‍රහාර එල්ල වීම හේතු­ කොටගෙන මේ පියවර ගත් බව සවුදි බලධාරීන් පවසයි.  

ජෙඩා නුවර ගුව­න්තො­ටු­පො­ළට පසු එරට වඩාත්ම කාර්ය­බ­හුල ගුව­න්තො­ටු­පොළ ලෙස සැල­කෙන රියාද් නුවර කිං කාලිඩ් ජාත්‍ය­න්තර ගුව­න්තො­ටු­පොළේ යටි­තල පහ­සු­කම් සහ මෙහෙ­යුම් තහ­වුරු කිරීමට සහ මගීන්ගේ ජීවිත සුර­ක්ෂිත කිරීමට මේ පිය­වර ගත් බව බල­ධා­රින් නිවේ­ද­නය කැර ඇතැයි වාර්තා වේ.

සියලු ගුවන් සමා­ගම් ද රියාද් නුවර වෙත සිදු කරන ගුවන් ගමන් අත්හි­ටුවා ඇති අතර, සිවිල් ගුවන් සේවා අධි­කා­රියේ නිල දැනු­ම්දී­මට අනුව ලබන 17 වැනිදා රාත්‍රී 9.00 දක්වා ගුව­න්තො­ටු­පොළ වසා දමා තිබේ. ගුව­න්තො­ටු­පොළ වසා දැමී­මෙන් පසුව ද හවුති කැර­ලි­ක­රු­ව­න්ගෙන් බැලැ­ස්ටික් මිස­යිල ප්‍රහා­ර­යක් එල්ල වී ඇති අතර, එම මිස­යි­ලය ගුව­නේ­දීම විනාශ කළ බව සවුදි රජය ප්‍රකාශ කර තිබේ.

 දශ­ක­ය­කට වැඩි කාල­යක් ඇතු­ළත සවුදි අරා­බිය තුළ සිදුවූ දරු­ණු­තම ප්‍රහා­රය ලෙස සැල­කෙන පුද්ග­ල­යන් 13 දෙන­කුට මරු කැඳවූ පසු­ගිය සෙන­සු­රාදා ප්‍රහා­ර­යත්, ඊට පසු දින එල්ල වූ දෙවැනි ප්‍රහා­ර­යත් හේතු­වෙන් මේ තීර­ණය ගෙන තිබේ.

Follow by Email
LinkedIn
Share
WhatsApp