Impartial news reporting for a stronger democratic society
තමිල්නාඩුවේ පුනරුත්ථාපන කඳවුරුවල සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව ඉන්දීය පුරවැසිභාවය ඉල්ලති!

තමිල්නාඩුව පුරා පිහිටි පුනරුත්ථාපන කඳවුරුවල වෙසෙන ශ්‍රී ලාංකික දෙමළ ජනතාව තමන්ට ඉන්දීය පුරවැසිභාවය ලබා ගැනීමට සහාය වන ලෙස ප්‍රාන්ත රජයෙන් ඉල්ලීමක් කැර ඇති බව අනාවරණය වෙයි.

‘ද හින්දු’ (The Hindu) පුවත්පත වාර්තා කරන පරිදි, තූතුකුඩි දිස්ත්‍රික්කයේ තාප්පති (Thappathi) කඳවුරේ පදිංචිකරුවන් පසුගිය  බ්‍රහස්පතින්දා (08) එහි පැමිණි  ඇමැතිවරයකු වෙත  මෙම ඉල්ලීම ඉදිරිපත්  කැර ඇති බවයි.

ඉන්දීය රුපියල් මිලියන 2ක වියදමින් ඉදිකරන ලද පුස්තකාලයක් විවෘත කිරීම සඳහා කඳවුරට පැමිණ සිටි, ‘ප්‍රාන්තයෙන් පිටත වෙසෙන දෙමළ ජනතාවගේ සුබසාධන කටයුතු පිළිබඳ  ඇමැති ‘ කේ. තෙන්නරසු (K. Thennarasu) වෙත මෙම ඉල්ලීම ඉදිරිපත් කැර ඇත.

තාප්පති කඳවුරේ සභාපති කේ. අනන්ත්රාජ් (K. Ananthraj) එහි පදිංචිකරුවන් වෙනුවෙන් අදාළ පෙත්සම භාර  ඇති බව Cyber World Press වාර්තා කරයි.

එම සරණාගතයින් පසුගිය වසර 36ක කාලය පුරා තමිල්නාඩුව පුරා ස්ථාන 103ක ජීවත් වී ඇති බව එම පෙත්සමේ සඳහන් විය.

ඉන්දීය පුරවැසිභාවය ලබා ගැනීමේ ක්‍රියාවලිය පහසු කිරීමටත්, ඉන්දියාවේ සිට වෙනත් රටවලට සංචාරය කිරීමට හැකි වන පරිදි ගමන් බලපත්‍ර (passports) නිකුත් කිරීමටත් පියවර ගන්නා ලෙස ඔවුහු  ප්‍රාන්ත රජයෙන් ඉල්ලා  ඇත.

කඳවුරුවල වෙසෙන සියලුම පවුල් සඳහා නිවාස ඉදිකර දෙන ලෙසත්, තමන්ගේම නමින් නිවාස සහ ඉඩම් මිලදී ගැනීමට අවසර ලබා දෙන ලෙසත් පදිංචිකරුවෝ ඉල්ලා  ඇති බව අනාවරණය වෙයි.

තවද, ප්‍රධාන  ඇමැතිවරයාගේ සෞඛ්‍ය රක්ෂණ ක්‍රමය කඳවුරු වැසියන් සඳහා ද දීර්ඝ කරන ලෙසත්, සෑම කඳවුරකම ක්‍රීඩා පිටි සහ ක්‍රීඩා උපකරණ ලබා දෙන ලෙසත් ඔවුහු  ඉල්ලීමක් ද කැර ඇත.  සිටියහ.

විවෘත කිරීමේ උත්සවයෙන් අනතුරුව, ඉන්දීය රුපියල් මිලියන 206ක වියදමින් එම කඳවුරේ ඉදිකරමින් පවතින නිවාස 300ක්  ඇමැති තෙන්නරසු විසින් නිරීක්ෂණය කරන ලදී.

Follow by Email
LinkedIn
Share
WhatsApp