
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ශිරන්ති රාජපක්ෂ අද (08) පස්වරු 12.30ට නවලෝක රෝහලේ සිටින ඇයගේ සුපුරුදු වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමට බන්ධනාගාර අධිකාරිවරයාට අධිකරණය නියෝග කැර තිබේ.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මඟින් ඊයේ (7) අත්අඩංගුවට ගත් ශිරන්ති රාජපක්ෂව ඔක්තෝබර් 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කෙළේය.
‘සිරිළිය සවිය’ ගිණුම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව අල්ලස් කොමිසම ඇය ඊයේ පෙරවරුවේ අත්අඩංගුවට ගනු ලැබූ අතර, පසුව එදිනම පස්වරුවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කැර තිබිණි..
එමෙන්ම, අදාළ නඩුකරයට සම්බන්ධයෙන් ඊයේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ හිටපු සභාපති ප්‍රදීප් කාරියවසම් මහතා ඇප මත මුදාහැරීමටද අධිකරණය නියෝග කැර ඇත.
