
හෝමූස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීමටනම් කොන්දේසි 7කින් සමන්විත යෝජනාවලිය පිළිගතයුතු බව ඉරාන පාර්ලිමේන්තුවේ කථානායක මොහොමඩ් බගාර් ගලාබාෆ් ප්‍රකාශ කැර ඇතැයි Cyber World Press වාර්කා කරයි.
ඉරාන කථානායකවරයා මේ බව සඳහන් කැර ඇත්තේ ඉරාන යෝජනාවලිය ප්‍රතික්ෂේප කරන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කිරීමෙන් දින කිහිපයකට පසුවය.
අමෙරිකාව මාධ්‍ය හමුවේ වෙනම ප්‍රකාශයක් නිකුත් කළද, මැදිහත්කරුවන්ගේ මාර්ගයෙන් යෝජනා කිහිපයක් ඉරානයට ඉදිරිපත් කැර ඇතැයි ද, මේ යෝජනාවලිය ක්‍රියාත්මක කිරීමට නම් ඒකපාර්ශ්වික පැනවීම් දැන් අවසන් වි ඇති බව අමෙරිකාව තේරුම් ගත යුතුව ඇතැයි ඉරාන පාර්ලිමේන්තුවේ කථානායකවරයා සඳහන් කැර ඇති බව Cyber World Press වාර්කා කරයි.
හෝමූස් මුහුද නැවත විවෘත කිරීමට නම් පසුගිය ජූනි මාසයේ අත්සන් තැබූ ඉරාන-අමෙරිකානු අවබෝධතා ගිවිසුම මත පදනම්ව ඉරානයේ කොන්දේසි 7 ඉටුකළ යුතු බව ඔහු තරයේම ප්‍රකාශ කැර තිබේ.
හෝමූස් සමුද්‍ර සන්ධිය සම්බන්ධව ඉරානයේ ස්ථාවරය පැහැදිලි බව ටෙහෙරාන් නුවර විදේශීය තානාපතිවරුන් සහ රාජ්‍යතාන්ත්‍රිකයන් ඇමැතු විදේශ ඇමැති අබ්බාස් අරග්චි ද ප්‍රකාශ කැර ඇත. ඉරාන යෝජනාවලිය අමෙරිකාව පිළිගන්නේ නම් දින 7ක් ඇතුළත හෝමූස් විවෘත කරන බව සඳහන් කැර තිබේ. අමෙරිකාව රාජ්‍යතාන්ත්‍රික විසඳුම තෝරා ගනිමින් එම යෝජනාවලියට එකඟතාව පළ කරනු ඇතැයි අපේක්ෂා කරන බවත්, එසේ නොමැතිව හමුදාමය ක්‍රියාමාර්ගයක් තෝරාගන්නේ නම් ඊට ප්‍රතිචාර දැක්වීමට වුවත් ඉරානය සූදානම් බව විදේශ ඇමැතිවරයා අනතුරු අඟවා ඇතැයි Cyber World Press සඳහාන් කරයි.
