Impartial news reporting for a stronger democratic society
රුසි­යානු හමු­දා ප්‍රහාරවලින් යුක්රේ­නයේ කීෆ් අග­නු­වර ප්‍රධාන පාලම් විනාශයි

රුසි­යානු හමු­දාව අඛ­ණ්ඩව සිවු­වැනි දින­ය­ටත් යුක්රේ­නයේ කීෆ් අග­නු­වර ප්‍රධාන පාලම් පුපු­රුවා හැරීමේ ප්‍රහා­ර­මා­ලා­වක් සිදු කැර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 ඊයේ උදෑ­සන කීෆ් අග­නු­වර පිව්නිච්නි පාලම ඉලක්ක කර­මින්  රුසියාව දරුණු ප්‍රහා­ර­යක් එල්ල  කැර ඇති අතර, එම පාල­මට ඊට පෙර දින­යේ­දීද ප්‍රහාර එල්ල වී ඇති බව  කළ බව වාර්තා  වෙයි.

ප්‍රහා­ර­වලින් එම පාලම හරහා සවි කැර ඇති තාප සැප­යුම් නළය­කට බර­ප­තළ හානි සිදු වූ බව කිෆ් නග­රා­ධි­පති විටාලි ක්ලිට්ස්කෝ ප්‍රකාශ කැර තිබේ. එහි ප්‍රති­ඵ­ල­යක් ලෙස ඊසා­න­දිග ඩෙස්නි­යන්ස්කි දිස්ත්‍රි­ක්කයේ උණු­සුම් ජල සැප­යුම තාව­කා­ලි­කව අත්හි­ටු­වී­මට සිදුවූ  බව ද ඔහු සඳ­හන් කැර ඇත. මේ ප්‍රහා­රය එල්ල වී ඇත්තේ ජර්මානු චාන්ස්ලර් ෆෙඩ්රිච් මර්ස්ගේ රුසි­යානු සංචා­රය අත­ර­තු­රදී බව ද වාර්තා වේ.

පිච්නිච්නි පාලම මතින් රථ වාහන ධාව­නය වෙමින් තිබි­යදී ප්‍රහා­රය එල්ල වී ඇති අතර, ඩ්‍රෝන යාන­යක් පාලගේ ගැටී පිපිරී යෑමෙන් විශාල ගිනි­ජා­ලා­වක් ද පැති­රුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කෙසේ වුවත් ප්‍රහා­ර­යෙන් ජිවිත හානි සිදුවී නැති බව නග­රා­ධි­පති ක්ලිට්ස්කෝ වැඩි­දු­ර­ටත් ප්‍රකාශ කැර තිබේ. රුසි­යානු ප්‍රහාර මධ්‍යයේ කීෆ් අග­නු­වර නිරී­ක්ෂණ චාරි­කා­ව­කට එක්වූ ජර්මානු චාන්ස්ල­ර්ව­රයා යුක්රේන ජනා­ධි­පති වොලො­දි­මිර් සෙලෙන්ස්කි සමඟ සාක­ච්ඡා­වක් පවත්වා ඇති අතර, යුද්ධ­යෙන් මිය­ගිය යුක්රේන හමුදා සෙබ­ළුන්ගේ ස්මාර­කය අබි­යස පුෂ්පෝ­ප­හාර දැක්වූ බව ද වාර්තා වේ.

Follow by Email
LinkedIn
Share
WhatsApp