Impartial news reporting for a stronger democratic society
රුසි­යානු මැති­ව­ර­ණ­යෙන් පුටින්ගේ පාලක පක්ෂයට විශිෂ්ට ජයක්

යුක්රේන යුද ගැටුම් ආර­ම්භ­වී­මෙන් පසු පළ­මු­ව­රට පැවති රුසි­යානු මැති­ව­ර­ණ­යෙන් ජනා­ධි­පති ව්ලැදි­මිර් පුටින්ට සහය පළ කරන එරට පාලක පක්ෂය වන ‘යුන­යි­ටඩ් රුසියා‘ පක්ෂය විශීෂ්ට  ජයක් ලබා ඇති බව මොස්කව් නුවර සිටින Cyber World Press වාර්තාකරු පවසයි.

රුසි­යානු පාර්ලි­මේ­න්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩ­ලය වන ස්ටේට් ඩුමා හි ආසන 450ක් වෙනු­වෙන් මැති­ව­ර­ණය පැවැ­ත්වෙන අතර, 2007 වසරේ සිට එහි බහු­තර ආසන සංඛ්‍යා­ව­කට හිමි­කම් කියන යුන­යි­ටඩ් රුසියා පක්ෂය පෙරේදා අව­සන් වූ මැති­ව­ර­ණයේ දී ඊයේ වන විට නිකුත් වූ ප්‍රති­ඵ­ල­ව­ලට අනුව ආසන 355කට වැඩි  ජයක් තහ­වුරු කර­මින් ඉදි­රි­යෙන් පසු­වන බව Cyber World Pres වැඩි­දු­ර­ටත් වාර්තා කරයි.

2001 වසරේ සිට රුසි­යාවේ පාලක පක්ෂය ලෙසත්, එරට විශා­ල­තම දේශ­පා­ලන පක්ෂය ලෙසත් සැල­කෙන එම පක්ෂයේ සභා­ප­ති­ව­රයා ලෙස කට­යුතු කරනු ලබන්නේ හිටපු ජනා­ධි­ප­ති­ව­ර­යකු වන රුසි­යාවේ වත්මන් ආර­ක්ෂක කවු­න්සි­ලයේ නියෝජ්‍ය සභා­පති දිමිත්‍රි මෙඩ්වෙ­ඩෙව් බව වාර්තා වේ.

ව්ලැදි­මිර් පුටින්ගේ ප්‍රති­පත්ති සහ පාල­නය වෙනු­වෙන් නිර්මා­ණය වූ යුන­යි­ටඩ් රුසියා පක්ෂය පහළ මන්ත්‍රී මණ්ඩ­ලයේ වැඩි බල­යක් මෙවර ද අත්කර  ගෙන ඇත.

Follow by Email
LinkedIn
Share
WhatsApp