Impartial news reporting for a stronger democratic society
දරු­වන්ගේ අධ්‍යාපනයට මුදල් සොයා ගන්න ඉන්දි­යාවේ 47 හැවි­රිදි මවක් මැර­තන් දුවයි — තර­ගයේ පළමු තැන දිනා රුපි­යල් 3000ක් දිනා ගනී

සිය  කුසින් උපන් දරු­වන් දෙදෙ­නාගේ අධ්‍යා­පන කට­යුතු සඳහා වැයවන මුදල් සොයා ගැනීමේ අර­මු­ණින් 47 හැවි­රිදි  ඉන්දියාවේ දිරිය මවක් මැර­තන් තර­ග­ය­කට ඉදි­රි­පත් වී ඉන් ජය­ ගෙන ඇත.

 ඉන්දි­යාවේ මහා­රෂ්ට්‍ර ප්‍රාන්ත­යේ ජිවත් වන රාම්බායි රන්වීර් නමැති  ඇය  සිය දරු­වන්ට පොත්පත් මිලදී ගැනී­මට මුදල්  සොයා ගැනීමේ  අරමුණීන්  මෙම මැරතන් තරගයට ඉදිරිපත් වි ඇත.

මහා­රෂ්ට්‍ර ප්‍රාන්තයේ පැවති කිලෝ­මි­ටර් 3ක මැර­තන් තර­ගයේ අවු­රුදු 30-60 අතර වයස් කාණ්ඩයේ තර­ගයෙන් ඇය  ජය­ගෙන  ඉන්දියන් රුපි­යල් තුන්ද­හ­සක තෑගි මුදලක් දිනා­ගත් බව ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත් සේවයේ වාර්තාවක් උපුටා  Cyber World Press  සඳහාන් කරයි.

මහා­රෂ්ට්‍ර ප්‍රාන්ත­යේ අම්බා­ජෝ­ගායි නග­රයේ අධ්‍යා­ප­නික ආය­ත­න­යක 75 වැනි සංව­ත්ස­රය  වෙනුවෙන්  මෙම මැර­තන් තර­ග­ය පවත්වා ඇති  අතර, ඇයට වඩා වය­සින් අඩු ජව­ස­ම්පන්න තර­ග­කා­රි­නි­යන් රැසක් සහ­භාගි  ඇත. කිසිදු පුහු­ණු­වක් නොමැ­තිව හා ක්‍රීඩා ඇඳුම් සහ පාව­හන් නොමැ­තිව සාරි­යෙන් සැරසී තර­ග­යට ඉදි­රි­පත් වූ ඇය තර­ග­යෙන් ජය­ගත් ආකා­රය දැක්වෙන වීඩියෝ පටය සමාජ මාධ්‍ය­වල දැඩි අව­ධා­නය දිනා­ගත් බව ද වාර්තා වේ. තර­ගය අත­ර­තුර ඇගේ සෙරෙප්පු යුවළ මඩ සහිත මාර්ගයේ ලිස්සා යෑම හේතු­වෙන් ඒවා ගලවා අතට ගෙන දෙප­යින්ම ඉදි­රි­යට දිව ගිය ඇය තර­ග­යෙන් ජය­ග්‍ර­හ­ණය අත්කර ගැනීම විස්ම­ය­ජ­නක බව ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත් සේවය සඳ­හන් කළ බව Cyber World Press  වාර්තා කරයි.

Follow by Email
LinkedIn
Share
WhatsApp