Impartial news reporting for a stronger democratic society
ලෝකය සෘජු යුධ ගැටුමකට ඇද දැමීමේ බටහිර කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකයි :   අපේ නව ආයුධ – උපාය මාර්ග ඉතා ඉහළ මට්ටමක තිබෙනවා – ජනාධිපති පුටින් නැවත වරක්  කියයි

අපිට  සාමයෙන් ජීවත් වීමට හැකියාවක් නොමැති නම් අපට ඊට ප්‍රතිචාර දැක්වීමට සිදුවනු ඇති බව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් නැවත වරක් ප්‍රකාශ කැර ඇති බව Cyber World Press  සඳහාන් කරයි.

මිලිටරි — කාර්මික කොමිසමේ ඉහළ මට්ටමේ රැස්වීමකට එක්වෙමින්  ව්ලැඩිමීර් පුටින්  මේ බව ප්‍රකාශ කැර ඇත.

තවදුරටත් ජනාධිපති ව්ලැඩිමීර් පුටින්  ප්‍රකාශ කැර ඇත්තේ , නව ආයුධ උපාය මාර්ගය  ඉතා ඉහළ මට්ටමක තිබෙන බවත්, 92% කින් අලුත් කරන ලද න්‍යෂ්ටික ත්‍රිත්වයක්, කෘතිම බුද්ධියෙන් දියුණු ඩ්‍රෝන යානා රංචු සහ දේශසීමාවල ඕනෑම තර්ජනයක් උදාසීන කිරීමට හැකි චන්ද්‍රිකා ජාලයක් රුසියාව සතු බවයි.

නේටෝව බෝල්ටික් මුහුදේ නැව් අල්ලා ගැනීමේ අභ්‍යාස පවත්වන අතර, ලෝකය පෙර නොවූ විරූ සෘජු යුධ  ගැටුමකට ඇද දැමීමේ බටහිර කුමන්ත්‍රණය තමන් හෙළා  දකින බව ජනාධිපති  පුටින්  ප්‍රකාශ කැර තිබේ. එසේම ඔහු  තවදුරටත්  ප්‍රකාශ කැර ඇත්තේ රුසියාවේ යුද යන්ත්‍රෝපකරණ හැම විටම අවදියෙන් සිටින බවයි.

Follow by Email
LinkedIn
Share
WhatsApp