Impartial news reporting for a stronger democratic society
සවුදි ගුවන් හමුදා කඳ­වු­ර­කට හවුති කැර­ලි­ක­රු­වන්ගෙන් මිස­යිල ප්‍රහා­ර ­ – – සල්මාන් කුමරු යළි අමෙ­රි­කාවේ සහය ඉල්ලයි

සවුදි අරා­බියේ පිහිටා ඇති  කිං කාලිඩ් ගුවන් හමුදා කඳ­වු­රට හවුති කැර­ලි­ක­රු­ව­න්ගෙන් දැවැන්ත බැලැ­ස්ටික් මිස­යිල සහ ඩ්‍රෝන ප්‍රහා­ර­යක් එල්ල වී තිබේ.

හවුති හමුදා ප්‍රකා­ශක යහියා සාරී ප්‍රකාශ කැර ඇත්තේ ගුවන් හමුදා කඳ­වුරේ ගුව­න්යානා අංගණ, රේඩාර් පද්ධති, ගුවන් පථ සහ ආයුධ ගබඩා සියල්ල ඉලක්ක කර­ගත් බවය. එම ප්‍රහා­ර­ව­ලින් හමුදා කඳ­වු­රට දැඩි හානි සිදුවූ බව හවුති හමුදා ප්‍රකා­ශක සඳ­හන් කරයි.

 මේ පිළි­බඳ සවුදි රජය කිසිදු තහ­වුරු කිරී­මක් සිදු කැර නොමැති බව එහි සිටින Cyber World Press වාර්තාකරු සඳහාන් කරයි. පසු­ගිය දින කිහි­පය ඇතු­ළත සවුදි හමු­දාවේ ප්‍රහා­රක ජෙට් යානා මඟින් යේම­නයේ හවුති කැරලි­ක­රු­වන් ඉලක්ක කර­මින් ප්‍රහාර 300කට වඩා සිදු කැර ඇති අතර, ගුවන් හමුදා කඳ­වු­රට ප්‍රහාර එල්ල කැර ඇත්තේ ඊට ප්‍රති­චාර වශ­යෙන් බව ද වාර්තා වේ. හවුති කැර­ලි­ක­රු­ව­න්ගෙන් එල්ල වූ මිස­යිල සහ ඩ්‍රෝන ප්‍රහාර මැඬපැවැ­ත්වී­මට සවුදි හමු­දාව අස­මත්වී ඇති බවට ද තොර­තුරු වාර්තා වී තිබේ.

මේ අතර හවුති කැර­ලි­ක­රු­වන් මර්ද­නය කිරීම සඳහා සහය ඉල්ලා සවුදි අරා­බියේ ඔටුන්න හිමි සල්මාන් කුමරු දිගින් දිග­ටම අමෙ­රි­කා­වෙන් ඉල්ලීම් කර ඇතැයි වාර්තා වේ. ඔහු ඊයේ ජෙඩා නුව­රදී අමෙ­රි­කානු මධ්‍යම හමුදා අණ­දෙන මධ්‍ය­ස්ථා­නයේ ප්‍රධානී අද්මි­රාල් බ්‍රැඩ් කූපර් මුණගැසී ඇතැයි ද වාර්තා වේ.

Follow by Email
LinkedIn
Share
WhatsApp