Impartial news reporting for a stronger democratic society
ජාවා මුහුදේ දී මගී නෞකා­ව­ක් ගිලි යයි ! 140 ක් අතුරුදන්

මගී නෞකා­ව­ක් ඉන්දු­නී­සි­යාවට අයත් ජාවා මුහුදේ  දී ගිලී යෑමෙන්  පුද්ග­ල­යන් 140 දෙනකු අතු­රු­දන්වී ඇතැයි  Cyber World Press   වාර්තා කරයි.

මගීන් සහ කාර්ය මණ්ඩ­ලයේ 243 දෙනකු රැගත් එම නෞකාව ජාවා දූපතේ සුර­බයා නුවර සිට මැලේ­සි­යාවේ බෝර්නියෝ දූපතේ බන්ජ­ර්මා­සින් බලා යාත්‍ර කැර ඇති අතර, ඊයේ(13) අලු­යම මේ අන­තුර සිදුවී තිබේ.

බෝර්නියෝ දූපතේ මුදා ගැනීමේ ඒජ­න්සියේ නිල­ධා­රින් සිදු කළ මෙහෙ­යු­ම­කින් පුද්ග­ල­යන් 103දෙනකු මුදා ගෙන ඇති බවත්, ඉන් එක් පුද්ග­ල­යකු පසුව ජීවි­ත­ක්ෂ­යට පත්වූ බවත් වාර්තා වේ. නෞකා­වක් සහ හෙලි­කො­ප්ටර් යාන­යක් යොදා ගනි­මින් සෝදිසි කිරීම් අඛ­ණ්ඩව සිදු­ක­රන බව ඉන්දු­නී­සි­යාවේ ජකර්තා පෝස්ට් පුවත් සේවය උපුට දක්වමින්  Cyber World Press   වාර්තා කරයි.  ජාවා මුහුදේ පව­තින අය­හ­පත් කාල­ගු­ණික තත්ත්වය නෞකාවේ අන­තු­රට හේතු­ව­න්නට ඇතැයි වාර්තා වේ.

Follow by Email
LinkedIn
Share
WhatsApp