Impartial news reporting for a stronger democratic society
බටහිරට අභියෝග කරමින් ගෝලීය දකුණ සංව­ර්ධ­න­යට බ්‍රික්ස් බැංකු­වෙන් අඩු පොලි­යට ණය

ගෝලීය දකුණේ නැඟී එන ආර්ථි­ක­යන් තුළ තිර­සර සංව­ර්ධ­නය ප්‍රව­ර්ධ­නය කිරීම, අස­මා­න­තා­වන් අවම කිරීම සහ ඔරොත්තු දීමේ හැකි­යාව වර්ධ­නය කිරීමේ අරමුණ ඇතිව බ්‍රික්ස් සංවි­ධා­නයේ නව සංව­ර්ධන බැංකු­වෙන් තර­ග­කාරී පොලී අනු­පාත යටතේ ණය ලබා දීමට තව­දු­ර­ටත් සහ­යෝ­ගය ලබා දෙන බව බ්‍රික්ස් රාජ්‍ය නාය­ක­යන් ප්‍රකාශ කැර තිබේ.

බ්‍රික්ස් සංවි­ධා­නයේ නව සංව­ර්ධන බැංකුව දෙවැනි ස්වර්ණ­මය දශ­ක­යට පා තබා ඇති බවත්, සිය­ලුම සාමා­ජික රට­වල් අතර මෙන්ම ගෝලීය දකුණේ සංව­ර්ධ­නය හා නවී­ක­ර­ණය සඳහා ප්‍රබල උපා­ය­මා­ර්ගික නියෝ­ජි­ත­යකු ලෙස තව­දු­ර­ටත් කට­යුතු කරන බවත් ඒකා­බද්ධ ප්‍රකා­ශ­නය නිකුත් කර­මින් බ්‍රික්ස් රාජ්‍ය නාය­ක­යන් සඳ­හන්  කළ බව  Cyber World Press  වාර්තා කරයි.

 නැඟී එන වෙළෙ­ඳ­පොළ සහ සංව­ර්ධ­නය වෙමින් පව­තින රට­වල ප්‍රමු­ඛතා හා යටි­තල පහ­සු­කම් අව­ශ්‍යතා සපයා දීමේදී සිය බැංකුව ඉටු කරනු ලබන කාර්ය­භා­ර­යට පූර්ණ සහය ලබා දෙන බව ද බ්‍රික්ස් නාය­ක­යන් අව­ධා­ර­ණය කැර තිබේ.

ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දල හෝ ලෝක බැංකුව වැනි බට­හිර මූල්‍ය ආය­ත­න­වල දිගු­කාලීන ලක්ෂ­ණ­යක් වන බර­ප­තළ කොන්දේ­සි­ව­ලින් තොරව බ්‍රිස්ක් නව සංව­ර්ධන බැංකුව කට­යුතු කරන අතර, බට­හිර ආධි­ප­ත්‍යය සහිත ආය­තන මත රැඳී පැව­තීම අවම කර­මින් කලා­පීය ඒකා­බ­ද්ධ­තාව ප්‍රව­ර්ධ­නය කිරීමේ වැඩි අව­ස්ථා­වක් එම­ඟින් උදාවී ඇතැයි වාර්තා වේ. අමෙ­රි­කානු ඩොලර් බිලි­යන 100ක විදේශ විනි­මය සංචිත එක­තු­වක් ඇති නව සංව­ර්ධන බැංකුව හදිසි අව­ස්ථා­ව­ලදී සිය සාමා­ජි­ක­යන්ට ආර­ක්ෂක වළ­ල්ලක් ලෙස ද ක්‍රියා­ත්මක වන බව විදෙස් මාධ්‍ය සඳ­හන් කරයි.

Follow by Email
LinkedIn
Share
WhatsApp