
මගී නෞකාවක් ඉන්දුනීසියාවට අයත් ජාවා මුහුදේ දී ගිලී යෑමෙන් පුද්ගලයන් 140 දෙනකු අතුරුදන්වී ඇතැයි Cyber World Press වාර්තා කරයි.
මගීන් සහ කාර්ය මණ්ඩලයේ 243 දෙනකු රැගත් එම නෞකාව ජාවා දූපතේ සුරබයා නුවර සිට මැලේසියාවේ බෝර්නියෝ දූපතේ බන්ජර්මාසින් බලා යාත්ර කැර ඇති අතර, ඊයේ(13) අලුයම මේ අනතුර සිදුවී තිබේ.
බෝර්නියෝ දූපතේ මුදා ගැනීමේ ඒජන්සියේ නිලධාරින් සිදු කළ මෙහෙයුමකින් පුද්ගලයන් 103දෙනකු මුදා ගෙන ඇති බවත්, ඉන් එක් පුද්ගලයකු පසුව ජීවිතක්ෂයට පත්වූ බවත් වාර්තා වේ. නෞකාවක් සහ හෙලිකොප්ටර් යානයක් යොදා ගනිමින් සෝදිසි කිරීම් අඛණ්ඩව සිදුකරන බව ඉන්දුනීසියාවේ ජකර්තා පෝස්ට් පුවත් සේවය උපුට දක්වමින් Cyber World Press වාර්තා කරයි. ජාවා මුහුදේ පවතින අයහපත් කාලගුණික තත්ත්වය නෞකාවේ අනතුරට හේතුවන්නට ඇතැයි වාර්තා වේ.
