Impartial news reporting for a stronger democratic society
රුසියාව සහ උතුරු කොරියාව අතර පළමුවරට පාලමක්!

රුසියාව සහ උතුරු කොරියාව යා කරමින් පළමුවරට මාර්ග පාලමක් විවෘත කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි

. උතුරු කොරියාවේ තුන්වැනි විශාලතම ගංගාව වන කිලෝමීටර් 521ක දිගින් යුතු ටූමන් ගඟ හරහා එම පාලම ඉදි කර ඇත්තේ රුසියාව සහ උතුරු කොරියාව අතර මගී ප්‍රවාහනය, සංචාරක ව්‍යාපාරය සහ වෙළෙඳාම ඉලක්ක කරමින් බව ද වාර්තා වේ.

 2024 වසරේදී රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින්ගේ උතුරු කොරියානු සංචාරය අතරතුර ගිවිසුම් අත්සන් කළ එම පාලම ඉදි කිරීමේ කටයුතු 2025 වසරේ ආරම්භ වී ඇති අතර, එහි වැඩකටයුතු නිම කිරීමට දින 495ක් ගතවී ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි. නව පාලම දැනට භාණ්ඩ ප්‍රවාහනය සඳහා පමණක් භාවිත කිරීමට නියමිත බවත්, මේ වසර අවසානයේ සිට මගී ප්‍රවාහනය සඳහා විවෘත කිරීමට නියමිත බවත් වාර්තා වේ. රුසියාව සහ උතුරු කොරියාව අතර ගුවන් සහ දුම්රිය මාර්ග සම්බන්ධතා පැවතියද, නව පාලම ඉදිවනතුරු ගොඩබිම ඔස්සේ සම්බන්ධතා පවත්වා ඇත්තේ මෝටර් රථවලට පමණක් ගමන් කළ හැකි අයුරින් දුම්රිය පාලම මත ලෑලි තබා සකස් කළ තාවකාලික විසඳුමකින් බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. මං තීරු දෙකකින් සමන්විත එම පාලම ඔස්සේ දිනකට වාහන 300ක් සහ පුද්ගලයන් 2,323 දෙනකුට ගමන් කළ හැකි බව ද වාර්තා වේ.( දිනමිණ ඇසුරෙන්)

Follow by Email
LinkedIn
Share
WhatsApp