
දකුණු චීන මුහුදේදී චීන මහජන විමුක්ති නාවික හමුදාව සිදු කළ බැලැස්ටික් මිසයිල අත්හදා බැලීමක් හේතුවෙන් පැසිෆික් දූපත් කලාපයේ රටවල් දෙකට බෙදී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
දකුණු චින මුහුදේ සිට මහජන විමුක්ති නාවික හමුදාවට අයත් සබ්මැරීනයකින් සිදුකළ එම මිසයිල් අත්හදා බැලීම ඊට කිලෝමීටර් 7,000කට වඩා දුරින් පිහිටි පැසිෆික් මුහුදු සීමාවේ ටුවාලු රාජ්‍යයේ මුහුදු බඩ ආර්ථික කලාපයක් ආසන්නයට පතිත වී ඇත.
එම අත්හදා බැලීම හෙළා දැකීමේ ප්‍රකාශයක් නිකුත් කරන ලෙස පලාවු රාජ්‍යය පැසිෆික් දූපත් රාජ්‍ය නායකයන්ගෙන් ඉල්ලීමක් කැර තිබේ. එහෙත් අමෙරිකානු හමුදාව මාෂල් දූපත් රාජ්‍යයේ මුහුදු සීමාවේ මිසයිල අත්හදා බැලීමේ නිරතව සිටියදී චීනය පමණක් විශේෂයෙන් ඉලක්ක කැර එවැනි ප්‍රකාශයක් සිදු කිරීම අසාධාරණ බව කියමින් කිරිබාති සහ නාඋරු ඇතුළු පැසිෆික් රාජ්‍යයන් රැසක් එම යෝජනාව ප්‍රතික්ෂේප කැර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.
