Impartial news reporting for a stronger democratic society
රුසියානු තාක්ෂණය යෙදා ගෙන ඉන්දියාව A.K.47 රයිෆලය නිපදවයි

රුසියානු තාක්ෂණය භාවිත කරමින් A.K.47 රයිෆලයක් ඉන්දියාව පළමුවරට නිෂ්පාදනය කිරිමට  සමත් වී ඇතැයි විදෙස් මාධ්‍ය උපුටා දක්වමින් Cyber World Press වාර්තා කරයි.

රුසියානු තාක්ෂණය භාවිත කරමින් උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ පිහිටි ඉන්දු- රුසියානු රයිෆල්ස් කර්මාන්ත ශාලාවේ දී මේ  මෙම අවිය නිෂ්පාදනය කැර සාර්ථක ලෙස පරීක්ෂණ පවත්වා ඇති බවත්, ඒ් සඳහා  රයිෆලයට ඉන්දියානු අමුද්‍රව්‍ය සහ කොටස් යොදාගෙන ඇතැයි ද වාර්තා වේ. ෂේර් නමින් හඳුන්වනු ලබන නව රයිෆලය නිෂ්පාදනය කිරීමේ අරමුණ වී ඇත්තේ රුසියාවෙන් අවිආයුධ ආනයනය කිරීම අවම කිරීමට බව ද ඉන්දිය වාර්තා  උපුටා දන්වමින් Cyber World Press වාර්තා කරයි.

යුක්රේන යුද ගැටුම් හේතුවෙන් රුසියාව සිය හමුදාවේ අවශ්‍යතාවලට ප්‍රමුඛත්වය ලබාදීමෙන් ඉන්දියාවට සිදු කරන අවි ආයුධ අපනයනය සීමාවීම නව රයිෆලය නිෂ්පාදනය කිරිමට හේතුවී ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි. එරට හමුදාව දීර්ඝ කාලයක් පුරා භාවිත කළ තාක්ෂණික දෝෂ සහිත බවට චෝදනා එල්ල වී ඇති රයිෆල් වර්ගය වෙනුවට ඉදිරියේදී නව රයිෆලය හමුදාවට සැපයීමට නියමිත බව Cyber World Press සඳහන් කරයි.

Follow by Email
LinkedIn
Share
WhatsApp