
සිරියාවේ හිටපු ජනාධිපති බෂාර් අල්-අසාද් ඇතුළු ඉහළ පෙළේ සාමාජිකයන් පිරිසකට එරෙහිව මරණ දඬුවම නියම කැර තිබේ.
එරට පැවති වසර 14 කට ආසන්න යුද සමයේදී සිදු කරන ලද යුද අපරාධ සම්බන්ධයෙන් ඩමස්කස් අපරාධ අධිකරණය මෙම තීන්දුව ප්‍රකාශයට පත් කැර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
පසුගිය 2024 වසරේදී බලයෙන් පහ කරනු ලැබූ සහ වර්තමානයේ රුසියාවෙන් පිටුවහල්ව ජීවිතයක් ගත කරන හිටපු ජනාධිපති බෂාර් අල්-අසාද් මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ, වධහිංසා පැමිණවීම් සහ පූර්ව සැලසුම් කළ ඝාතන සම්බන්ධයෙන් වරදකරු කරමින් අධිකරණය විසින් ඔහුට මෙලෙස මරණ දඬුවම නියම කර තිබේ.
එසේම ඔහුගේ බාල සොහොයුරා වන මහේර් අල්-අසාද්ටද එලෙසම මරණ දඬුවම හිමිව ඇතැයි සදහන් වේ.
එසේම දකුණු සිරියාවේ දේරා පළාතේ හිටපු දේශපාලන ආරක්ෂක ප්‍රධානී අටෙෆ් නජීබ් ද මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් මරණ දඬුවමට ලක් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පසුගිය වසරේ ජනවාරි මාසයේදී සිරියානු බලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලද අටෙෆ් නජීබ්ට එරෙහිව මෙලෙස නීතිය ක්‍රියාත්මක කැර තිබේ.( දිනමිණ ඇසුරෙන්)
