
කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය ලබාදුන් මරණ දඬුවම් තීන්දුවට එරෙහිව හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු ඉදිරි සතිය තුළ තම නිතිඥයන් මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනයක් ඉදිරිපත් කිරීමට කටයුතු කරමින් සිටින බව අනාවරණය වෙයි.
නීත්‍යානුකූලව දින 28ක් ඇතුළත අභියාචනය ගොනු කළ යුතු බැවින් ඊට අදාළ නීතිමය පියවර කඩිනමින් ගන්නා බව දෙදෙනාගේ නිතිඥයෝ පවසයි.
ඊයේ (31) රාත්‍රියේ බන්ධනාගාරය වෙත රැගෙන ආ ඔවුන් දෙදෙනා ලියාපදිංචි කිරීමෙන් අනතුරුව, මරණ දඬුවමට නියම වූ සිරකරුවන්ට හිමිවන සුදු සරම සහ කබාය ලබාදී වාට්ටුවක රඳවා තබා ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග තහවුරු කරයි. බන්ධනාගාර කොමසාරිස් සහ මාධ්‍ය ප්‍රකාශක අනුරුද්ධ ගජනායක සඳහන් කෙළේ, මූලික පියවර ලෙස ඔවුන් දෙදෙනා වෛද්‍ය පරීක්ෂණයකට යොමු කෙරෙන බවත්, මරණීය දණ්ඩනය නියම වී ඇති බැවින් ඔවුන් කිසිදු වැඩ කණ්ඩායමකට යොමු නොකරන බවත්ය.
එමෙන්ම ඔවුන්ට කිසිදු විශේෂ පහසුකමක් හිමි නොවන අතර, සාමාන්‍ය මරණ දඬුවම නියම වූ සිරකරුවන්ට හිමිවන පරිදි උදෑසන මිනිත්තු 30ක ව්‍යායාම කාලයක්, ස්නානය සහ නියමිත වේලාවන්ට ආහාර ලබා ගැනීමේ අවස්ථාව හිමිවේ. පවුලේ සාමාජිකයන්ට ඔවුන් බැලීමට අවස්ථාව හිමිවන්නේ බන්ධනාගාර නීති සංග්‍රහයට අනුව පෙන්වා දෙයි.
