Impartial news reporting for a stronger democratic society
අමෙරිකා – ඉරාන යුද්ධ ගැටුමට දින 15 යි : අමෙරිකාවට හති වැටෙයි ! අමෙරිකානු යුධ කඳවුරුවලට දරුණු ප්‍රහාර !

ඉරානයේ හමුදා සහ සිවිල් යටිතල පහසුකම් ඉලක්ක කරමින් අමෙරිකානු හමුදාව 15 වැනි දිනයටත් දැවැන්ත ගුවන් ප්‍රහාරයක් එල්ල කැර  ඇතැයි විදේශ මාධ්‍ය සඳහාන් කරයි.

 නවතම ප්‍රහාරය එල්ල වී ඇත්තේ ඉරාන- ඉරාක දේශසීමාව ආසන්නයේ පිහිටි ෂලාම්චේ නගරයට බවත්, එම ප්‍රහාරයෙන් පුද්ගලයන් දෙදෙනකු ජීවිතක්ෂයට පත්වී ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කරයි. ඉරානය සහ ඉරාකය යා කරන ප්‍රධානතම වෙළෙඳ පිවිසුම් මාර්ගයක් ලෙස සැලකෙන එම නගරයේ ඉරාන දේශසීමා මුරපොළවල් ඉලක්ක කරමින් ප්‍රහාරය සිදු කළ බව අමෙරිකාවේ මධ්‍යම අණදෙන හමුදා මධ්‍යස්ථානය නිවේදනය කැර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අමෙරිකාවේ ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරාන ආරක්ෂක හමුදාව මැදපෙරදිග කලාපයේ පිහිටි ජෝර්දානය, කුවේට් සහ බහරේන් රටවල අමෙරිකානු හමුදා කඳවුරු වෙත මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරමාලාවක් එල්ල කැර ඇති බවත් , එම කඳවුරු විනාශ වු බව වාර්තා වේ.

Follow by Email
LinkedIn
Share
WhatsApp