
අමෙරිකානු ඩොලර් 332,000 ක සාපරාධී පරිහරණය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි අමෙරිකා එක්සත් ජනපදයේ හිටපු ශ්රී ලංකා තානාපති ජාලිය වික්රමසූරියට කොටුව මහේස්ත්රාත් පසන් අමරසේන මහතා වරෙන්තු නිකුත් කැර ඇති බව අනාවරණය වෙයි.
මේ සම්බන්ධයෙන් පැවැති නඩුව පසුගිය දා (22) අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී අමෙරිකාවේ වර්ජිනියා ප්රාන්තයේ ජීවත් වන සැකකරු අධිකරණයේ පෙනී සිටීමට අපොහොසත් වීම නිසා, මහේස්ත්රාත්වරයා අධිකරණයේ පෙනී සිටි ඇපකරුවන්ට අවවාද කරමින් වරෙන්තුව නිකුත් කෙළේය.
වික්රමසූරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයට පැවසුවේ එම කාරණයට අදාළව කොලොම්බියා දිස්ත්රික් අධිකරණයේ නඩුවක් පවතින බවත්, එම අධිකරණය විසින්ම ඔහුට විදේශ ගත වීම තහනම් කැර ඇති බවත්ය.
නීතිපතිවරයාගේ වැඩිදුර උපදෙස් සඳහා නඩුව දෙසැම්බර් 9 වැනි දිනට කල් තබන ලදී.
( Source -dailynews.lk)
