
“කැරපොතු ජනතා පක්ෂයේ” තරුණ විරෝධතා හමුවේ ධූරයෙන් අයින් වීමට තීරණය කරයි
ප්‍රශ්න පත්‍ර පිටවීමට එරෙහිව සටන් වැදී දේශපාලනයට ආ නායකයාට දශක තුනකට පසු අත්වූ දෛවෝපගත ඉරණම
ඉන්දියාවේ වෛද්‍ය විද්‍යාල සඳහා සිසුන් තේරීමේ NEET විභාගයේ ප්‍රශ්න පත්‍ර කලින් පිටවීමේ සිද්ධිය මුල් කරගනිමින් හටගත් දැවැන්ත විරෝධතා හමුවේ ඉන්දීය අධ්‍යාපන ඇමැති ධර්මේන්ද්‍ර ප්‍රධාන් සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට පියවර ගෙන තිබේ.
“කැරපොතු ජනතා පක්ෂය” (CJP) නමැති තරුණ ව්‍යාපාරය ඇතුළු සංවිධාන සති කිහිපයක් තිස්සේ දිල්ලියේ ජන්තර් මන්තර් හි දියත් කළ දැවැන්ත විරෝධතාවල ප්‍රතිඵලයක් ලෙස මෙම ඉල්ලා අස්වීම සිදුව ඇත.
X සටහන සහ ඉල්ලා අස්වීමේ තත්ත්වය
තමන් සිය ඉල්ලා අස්වීමේ ලිපිය අගමැති නරේන්ද්‍ර මෝදි වෙත යොමුකළ බව අධ්‍යාපන ඇමැතිවරයා සිය X (ට්විටර්) ගිණුමේ සටහනක් තබමින් තහවුරු කැර තිබේ.
“ජන්තර් මන්තර් හි පවතින තත්ත්වයෙන් සහ රට තුළ ඇති වී තිබෙන නොසන්සුන්තාවයෙන් ජාතික විරෝධී බලවේග ප්‍රයෝජන නොගත යුතුයි. රටේ ඒකීයභාවය පවත්වා ගත යුතු අතර ඉන්දියාවේ එකදු ශිෂ්යයෙකුගේවත් අනාගතය නීතිමය ගැටලුවල පැටලීමට ඉඩ නොදිය යුතුයි. සිසුන්ගේ වෘත්තීය අනාගතය වෙනුවෙන් මම මගේ ඉල්ලා අස්වීම අගමැතිතුමා වෙත යැවුවෙමි,” යනුවෙන් ධර්මේන්ද්‍ර ප්‍රධාන් එහි සඳහන් කැර ඇත.
කෙසේ වෙත අගමැතිවරයා විසින් අදාළ ඉල්ලා අස්වීම මෙතෙක් නිල වශයෙන් පිළිගෙන ඇති බවද වාර්තා වේ. ආණ්ඩුව සහ විරෝධතාකරුවන් අතර තෙවන වටයේ සාකච්ඡා ආරම්භ වීමට පැය කිහිපයකට පෙර මෙම නිවේදනය නිකුත් වීම විශේෂත්වයකි.
දශක තුනකට පෙර සිදුවීමට ඇති දෛවෝපගත සබඳතාව
ධර්මේන්ද්‍ර ප්‍රධාන් ගේ මෙම ඉල්ලා අස්වීම දේශපාලන ක්ෂේත්රය තුළ දැඩි කතාබහට ලක්ව ඇත්තේ ඔහුගේ අතීත දේශපාලන පැතිකඩ නිසාවෙනි. මීට වසර 29කට පෙර, එනම් 1997 වසරේදී ඔඩීෂා ප්‍රාන්තයේ ජේ.බී. පට්නායික් රජය සමයේ සිදුවූ ප්‍රශ්න පත්‍ර පිටවීමේ සිද්ධියකට එරෙහිව අඛිල් භාරතීය විද්‍යාර්ථ පරිෂද් (ABVP) සංවිධානය මෙහෙයවූ විරෝධතාවල ප්‍රධාන නායකයකු ලෙස කටයුතු කෙළේ ද ධර්මේන්ද්‍ර ප්රධාන්ය. එදින පොලිස් ප්‍රහාරයකින් තුවාල ලබා දේශපාලන කරළියේ අවධානයට ලක්වූ ඔහු, දශක තුනකට පසු ප්‍රශ්න පත්‍ර පිටවීමේ සිද්ධියක් මුල් කැරගනිමින්ම අධ්‍යාපන ඇමැති ධූරයෙන් ඉල්ලා අස්වීමට සිදුවීම දෛවෝපගත සිදුවීමක් ලෙස සැලකේ.
ශිෂ්‍ය දේශපාලනයේ සිට කැබිනට් ඇමැති ධූරය දක්වා
අසූවේ දශකයේ ශිෂ්‍ය දේශපාලනයෙන් ගමන ආරම්භ කළ ධර්මේන්ද්‍ර ප්‍රධාන්, භාරතීය ජනතා පක්ෂයේ (BJP) ශිෂ්‍ය හා තරුණ සංවිධාන හරහා ඉදිරියට පැමිණි නායකයෙකි.
- 1994 – 1997: ABVP සංවිධානයේ ජාතික මහ ලේකම් ධූරය දැරීය.
- 2000: ඔඩීෂා ප්‍රාන්තයේ පල්ලහ්රා ආසනයෙන් ප්‍රාන්ත එකලස්කමට තේරී පත් විය.
- 2004: ඩියෝගාර් කොට්ඨාසයෙන් ලෝක් සභාවට තේරී පත් විය.
- 2012 – 2024: බිහාර් සහ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්ත නියෝජනය කරමින් රාජ්‍ය සභා මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කෙළේය.
- 2014: මෝදි රජයේ ඛනිජ තෙල් රාජ්‍ය ඇමැතිවරයා ලෙස පත් විය.
- 2024: සම්බල්පූර් කොට්ඨාසය ජයග්‍රහණය කරමින් ලෝක් සභාවට පැමිණ මෝදි රජයේ අධ්‍යාපන අමාත්‍ය ධූරයට පත් විය.
- කැරපොතු ජනතා පක්ෂයේ‘ නැගීසිටීම
ලියාපදිංචි දේශපාලන පක්ෂයක් නොවුණද, ‘කැරපොතු ජනතා පක්ෂය’ (CJP) මේ වන විට ඉන්දියාවේ ප්‍රබල තරුණ උද්ඝෝෂණ ව්‍යාපාරයක් බවට පත්ව ඇත. ඇමැතිවරයාගේ ඉල්ලා අස්වීම පිළිබඳව ප්‍රතිචාර දක්වමින් CJP සංවිධායක අභිජිත් ඩිප්කේ සඳහන් කැර ඇත්තේ තරුණ සංවිධාන ගෙන ගිය අරගලය ජයග්‍රහණය කළ බවයි.
දිල්ලි අගනුවර සහ ප්‍රාන්ත කිහිපයක දැවැන්ත විරෝධතා පවත්වමින් ආණ්ඩුවට බලපෑම් කිරීමට මෙම සංවිධානය සමත් වී තිබේ
( Source -The Leader)
