

අමෙරිකාවෙන් එල්ල වූ දැවැන්ත ගුවන් ප්‍රහාරමාලාව මධ්‍යයේ ඉරානයේ හිටපු උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ඇතුළු පවුලේ සාමාජිකයන්ගේ දේහයන් ඊ (09) මෂ්හාද් නගරයේදී මිහිදන් කළ බව ඉරාන මාධ්‍ය උපුටා දක්වමින් Cyber World Press වාර්තා කරයි.
ඊසාන දිග ඉරානයේ පැවැති කමේනිගේ අවසන් කටයුතු සඳහා දහස් සංඛ්‍යාත ජනතාවක් එක්රොක් වී සිටි බව ද වාර්තා වේ. අවමංගල උත්සවයට එක්වූ බොහෝ දෙනෙක් ඉරාන ධජය ඔසවා ගෙන සිටි බවත්, තවත් පිරිසක් ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනය කරන ලෙස ඉල්ලා සිටින බැනර් සහ පුවරු ප්‍රදර්ශනය කළ බව ඉරාන මාධ්‍ය වාර්තා කැර තිබු බව Cyber World Press සඳහාන් කරයි.
දින 6ක් පුරා පැවැති මේ අවමංගල උත්සවයේ අවසන් දිනය වූ ඊයේ(09) කමේනිගේ දේහය රැගත් ගුවන් යානය ඉරානයේ වඩාත්ම පූජනීය නගරය ලෙස සැලකෙන මෂ්හාද් නුවර වෙත සේන්දු වීමෙන් පසු ඉරාන විප්ලවීය ආරක්ෂක හමුදාවේ ගෞරවාචාරය මධ්‍යයේ අවසන් කටයුතු සිදු කළ බව Cyber World Press විශේෂ වාර්තාකරු සඳහාන් කරයි.
