Impartial news reporting for a stronger democratic society
ජපාන අගමැතිනිය ටකේචි ඉන්දියාවේදී ගිවිසුම් 120කට අත්සන් තබයි

පළමුවරට ඉන්දියාවේ සංචාරයකට එක් වු ජපාන අගමැතිනිය සනායි ටකේචි සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අතර ජපාන මුදල් ඒකකයට අනුව යෙන් ට්‍රිලියන දෙකකට අධික ගිවිසුම් 120කට ආසන්න ප්‍රමාණයකට අත්සන් තබා ඇතැයි එංගලන්තයේ ඉන්ඩිපෙන්ඩන්ට් පුවත් සේවය වාර්තා කළේය.

පෞද්ගලික අංශයේ ආයෝජන සමඟ කෘත්‍රිම බුද්ධිය, ආරක්ෂක සහ බලශක්ති ඇතුළු තීරණාත්මක ගිවිසුම් රැසක් ඊට ඇතුළත් වූ බව වාර්තා වේ. ඉන්දු-ජපාන 16 වැනි වාර්ෂික සමුළුව ඉලක්ක කරමින් ජපාන අගමැතිනියගේ ඉන්දීය සංචාරය පසුගිය සතියේ පැවති අතර, සිය සොහොයුරිය ලෙස ආමන්ත්‍රණය කරමින් ඉන්දීය අගමැතිවරයා ඇය පිළිගැනීම ජාත්‍යන්තරයේ දැඩි කතාබහට ලක්වූ බව වාර්තා වේ. ඉන්දු-පැසිෆික් කලාපයේ සමිප සහයෝගිතාව තුළින් දෙරටටම වැදගත් ආර්ථික සහ උපායමාර්ගික සබඳතා තවදුරටත් වර්ධනය කරගැනීම එම සංචාරයේ අරමුණ වූ බව ඉන්ඩිපෙන්ඩන්ට් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය.

මෝදි සහ ජපානයේ හිටපු අගමැති ෂින්සෝ අබේ අතර පැවති ශක්තිමත් පෞද්ගලික හිතවත්කම සිහිපත් කරමින් සනායි ටකේචි ඉන්දීය අගමැතිවරයා සිය වැඩිමහල් සොහොයුරකු ලෙස සලකන බවට ප්‍රකාශ කර ඇතැයි ඉන්දියාවේ එන්ඩීටීවී පුවත් සේවය සඳහන් කළේය.

( දිනමිණ ඇසුරෙන්)

Follow by Email
LinkedIn
Share
WhatsApp