Impartial news reporting for a stronger democratic society
ඉරානයේ හිටපු උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ අවමංගල්‍ය උත්සවයට පුතුන් තිදෙනත් ඇවිත් – මොජ්තාබා කමේනි  පැමිණි බවට සාධාක නැහැ

ඉරානයේ හිටපු උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ අවමංගල්‍ය උත්සවයට අදාළ ආගමික වතාවත් ඊයේ (05) පැවැත්වුණු අතර, ඒ සඳහා ඔහුගේ පුතුන් තිදෙනෙකු වන මසූඩ්, මොස්ටාෆා සහ මේසම් සහභාගි වී  ඉරාන මාධ්‍යය උපුටා  දක්වමින් Cyber World Press  සඳහාන් කරයි.

ඔවුන්ට අමතරව ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් සහ එරට විප්ලවවාදී ආරක්ෂක බලකායේ ප්‍රධානී අහ්මඩ් වහිඩි ඇතුළු දේශපාලන සහ ආරක්ෂක අංශවල ඉහළ පෙළේ ප්‍රධානීන් මෙන්ම දහස් සංඛ්‍යාත ජනතාවක් ද කමේනි වෙත අවසන් බුහුමන් දැක්වීම සඳහා පැමිණ සිටියහ.

හිටපු උත්තරීතර නායකයාගේ දේහය මේ වන විට ටෙහෙරානයේ පිහිටි ‘ග්‍රෑන්ඩ් මොසාල්ලා’ සිද්ධස්ථානයේ තැන්පත් කැර ඇත.

​කෙසේ වෙතත්, ඉරානයේ නව උත්තරීතර නායකයා ලෙස පත් කැර සිටින මොජ්තාබා කමේනි තවමත් සිය පියාගේ අවමංගල්‍ය උත්සවයට පැමිණ නොසිටීම විශේෂත්වයකි. පසුගිය මාර්තු මාසයේදී නව නායකයා ලෙස පත් කිරීමෙන් පසු මොජ්තාබා මේ දක්වා ප්‍රසිද්ධියේ පෙනී සිට නොමැත.

අයතුල්ලා ඝාතනය කෙරුණු අමෙරිකානු – ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් මොජ්තාබා ද තුවාල ලබා ඇති බවට පැතිර යන කටකතා හේතුවෙන් ඔහුගේ වත්මන් තත්ත්වය තවමත් අබිරහසක්ව පවතී.

‘සියවසේ අවමංගල්‍යය’ ලෙස හැඳින්වෙන මෙම අවමංගල්‍ය උත්සව මාලාව සඳහා මිලියන 12ත් 20ත් අතර ජනකායක් සහභාගී වනු ඇතැයි ඉරාන බලධාරීන් අපේක්ෂා කරයි.
උත්තරීතර නායකයාගේ නිල අවමංගල්‍ය කටයුතු පසුගිය (03) ආරම්භ වූ අතර, ඉදිරි සතිය පුරා ඉරානය සහ ඉරාකය කේන්ද්‍ර කැර ගනිමින් විවිධ ගුණානුස්මරණ උත්සව පැවැත්වීමට කටයුතු සූදානම් කැර ඇතැයි Cyber World Press  සඳහාන් කරයි..

Follow by Email
LinkedIn
Share
WhatsApp