Impartial news reporting for a stronger democratic society
කුඩු කල්ලි දෙකක ගැටුම දුරදිග යයි: මීග­මුව බන්ධ­නා­ගා­රයේ ගැටු­මෙන් 2ක් මරුට – 34කට තුවාල – 2කට බර­ප­ත­ළයි ! ගැටුම මඬින්න පොලීසිය හා STF කැඳ­වයි

මීග­මුව බන්ධ­නා­ගා­රයේ රැඳ­වූ­වන් දෙපි­රි­සක් අතර ඇතිවූ ගැටු­මක් දුර­දිග යෑමෙන් දෙදෙ‍ෙ­නක් මිය ගොස් තවත් 34 දෙනකු තුවාල ලබා මීග­මුව රෝහ­ලට ඊයේ (05) දහ­වල් ඇතු­ළත් කැර තිබේ.

බන්ධ­නා­ගා­රයේ සිටින ප්‍රති­වි­රුද්ධ කණ්ඩා­යම් දෙකක් අතර මේ ගැටුම හට ගෙන ඇති අතර, තත්ත්වය උග්‍ර­වීම වැළැ­ක්වීම සහ ආර­ක්ෂාව තහ­වුරු කිරීම සඳහා පොලී­සිය හා විශේෂ කාර්ය බළ­කාය වහාම කැඳ­වී­මට පිය­වර ගෙන ඇත.

ගංජා ඡාවා­රම සම්බ­න්ධ­යෙන් අත්අ­ඩං­ගු­වට ගෙන බන්ධ­නා­ගා­ර­ගත කැර සිටින කටු­වැ­ල්ලේ­ගම සුරේෂ් පුෂ්ප­කු­මාර නමැති රැඳ­වූ­වෙක් විසින් මෙම ගැටුම මෙහෙ­යවා ඇතැයි අනා­ව­ර­ණය වී තිබේ.

 බන්ධ­නා­ගා­රය තුළ සිදු­ක­රන මත්කුඩු ජාවා­රම සම්බ­න්ධ­යෙන් නිල­ධා­රීන්ට තොර­තුරු දීමේ සිද්ධි­යක් මුල්කර ගෙන මේ ගැටුම හට­ගෙන ඇතැයි කියැවේ. සිද්ධිය මෙහෙ­යවු බව කියන පුද්ග­ල­යාද තුවාල ලබා ඇතුළේ රැඳී සිටින බව පැව­සෙන අතර, තවත් තුවාල ලැබූ පිරි­සක් බන්ධ­නා­ගා­රය ඇතු­ළත ඇති බවත් ඔවුන් එළි­යට රැගෙන රෝහ­ල්ගත කිරී­මට හැකි­යා­වක් නොමැති බවත් බන්ධ­නා­ගාර තොර­තුරු මඟින් කියැවේ.

මෙහිදී තත්ත්වය පාල­නය කිරී­මට මුල් අව­ස්ථා­වේ­දීම බන්ධා­නා­ගාර නිල­ධා­රීන් උත්සහ ගත්තද එය ව්‍යර්ථ වූ තැන ගිනි අවිද රැගෙන නිල­ධා­රීන් බන්ධ­නා­ගා­ර­යෙන් පිටත ආර­ක්ෂක ස්ථාන­යන් ‍‍ වෙත ගොස් ඇත්තේ රැඳ­වූ­වන්ට පලා­යෑ­මට ඉඩ­කඩ අහු­ර­මිනි.

ගැටුම අත­ර­තු­ර­දීම මෙම රැඳ­වූ­වන් දෙදෙනා මිය­ගොස් ඇතැයි සැක­ක­රන අතර, ඔවුන් රෝහ­ලට ඇතු­ළත් කරන විටත් මුහුණු හඳු­නා­ගත නොහැකි තත්ත්ව­යෙන් පැවැති බව වාර්තා වේ. මිය­ගිය රැඳ­වූ­වන්ගේ දේහ­යන් මීග­මුව රෝහලේ මෘත ශරී­රා­ගා­ර­යට යොමු කර ඇති අතර ඒ සම්බ­න්ධ­යෙන් පශ්චාත් මරණ පරී­ක්ෂ­ණය පැවැ­ත්වී­මට නිය­මි­තය. මීග­මුව රෝහ­ලට ඇතු­ළත් කළ රැඳ­වූ­ව­න්ගෙන් 10 දෙන­කුට සැත්කම් සිදු කර ඇතැයි මීග­මුව රෝහලේ අධ්‍ය­ක්ෂ වෛද්‍ය පුෂ්පා ගම්ලත් මහ­ත්මිය පැව­සු­වාය. මේ අයගේ තත්ත්වය බර­ප­තළ නොවන බවද පැවසේ.

මෙම ගැටු­මෙන් තුවාල ලැබූ තවත් රැඳ­වූ­වන් 34 දෙනා­ගෙන් අසාධ්‍ය තත්ත්වයේ පසුවූ රැඳ­වූ­වන් දෙදෙ­නකු කොළඹ ජාතික රෝහ­ලට මාරු කිරී­මට මීග­මුව රෝහල් බල­ධා­රීන් පිය­වර ගෙන තිබේ.

මේ අතර තුවාල ලබා රෝහ­ල්ගත කළ රැඳ­වූ­වන් අත­රින් එක් අයකු රෝහල් වාට්ටුව තුළ නොමැති හෙයින් එම රැඳ­වූවා රෝහල් භූමිය තුළ සිටීද නැති­නම් පලා­ගොස් ද යන්න තහ­වුරු කර ගැනී­මට විම­ර්ශ­න­යක් සිදු­වෙන බවද රෝහල් ආරංචි මාර්ග සඳ­හන් කෙළේය.

තත්ත්වය පාල­නය කිරීම සඳහා මීග­මුව බන්ධ­නා­ගා­රයේ රැඳ­වූ­වන් වෙනත් බන්ධ­නා­ගාර වෙත යොමු කිරී­ම­ටද බල­ධා­රීන් තීර­ණය කැර ඇත. කල­හ­කාරී රැඳ­වූ­වන් බන්ධ­නා­ගා­රය තුළ ඇති දේපො­ළ­ව­ලට පහ­රදී හානි කැර ඇති බවද කියැවේ.

බන්ධ­නා­ගා­රය ඇතු­ළත කාර්යා­ල­යක් සම්පූ­ර්ණ­යෙන් විනාශ කැර එහි ඇති දුර­ක­ත­නය අත්පත් කැර ගෙන රැඳ­වූ­වන් සිය නිවෙ­ස්ව­ලට දුර­ක­තන ඇම­තුම් ලබා ගෙන ඇති බව වාර්තා වන අතර ඇතැම් රැඳ­වූ­වන්ගේ ඥාතීන් බන්ධ­නා­ගා­රය ඉදි­රි­පිට රැඳී සිටිනු දක්නට ලැබිණි. ඔවුහු බන්ධ­නා­ගා­ර­ග­තව සිටින තම ඥාතීන්ගේ තොරු­තුරු දැන ගැනී­මට කල­බල කරනු දක්නට ලැබුණු අතර පසුව බන්ධ­නා­ගාර නිල­ධා­රීන් තොර­තුරු දැනුම් දීමට කට­යුතු කෙරෙණි. පසුව ඥාතිහු පිටව ගියහ.

මීග­මුව බන්ධ­නා­ගා­රය තුළ 1500ක පමණ රැඳ­වූ­වන් පිරි­ස­කට පහ­සු­කම් තිබෙන නමුත් දැනට 2800ක පමණ පිරි­සක් එහි නේවා­සි­කව සිටිනා බැවින් නොස­න්සු­න්කාරී තත්ත්ව­යක් ඇති වූ විට තත්ත්වය පාල­නය කිරී­මට ඉතා අප­හසු බව පොලී­සිය කියයි. බන්ධ­නා­ගාර රෝහ­ලට ගෙනා අලුත්ම ඖෂධ පෙති හා වෙනත් ඖෂධ වර්ග මේ රැඳ­වූ­වන් විසින් බී ඇතැ­යිද තොර­තුරු හෙළි වේ.

මේ වන විට රැඳ­වු­වන් කණ්ඩා­ය­මක් බන්ධ­නා­ගා­ර­යෙන් පැන යෑමට තැත් කර­මින් එහි වහ­ලය මත නැඟ සිටි අතර රිමා­න්ඩ්ගත කාන්තා­වන් බන්ධ­නා­ගාර වහ­ලය මත නැග එහා මෙහා ඇවි­දි­මින්, විවිධ සටන් පාඨ කිය­මින් වෙනම විරෝ­ධ­තා­වක නියැ­ලු­ණහ. රැඳ­වූ­වන් විසින් අත්පත් කර ගත් ඖෂධ වර්ග කිහි­ප­යක් කාන්තා රැද­වූ­වන් සිටින පෙදෙ­සට විසි කර ඇති අතර ඔවුන් ඒවා පානය කර මෙසේ විරෝ­ධ­තා­ව­යෙහි නියැළී ඇතැයි පැවසේ. වහ­ළ­යක් කඩා වැටී­මෙන් කාන්තා­වන්ද කිහිප දෙනකු තුවාල ලබා ඇතැ­යිද වාර්තා වේ.

මේ අතර පල්ලෙ­කැලේ ප්‍රධාන ජේල­ර්ව­රයා ලෙස කට­යුතු කර­මින් සිටි ජයන්ත කුමාර මහතා මීග­මුව බන්ධ­නා­ගා­රයේ ප්‍රධාන ජේල­ර්ව­රයා ලෙස වැඩ­භාර ගෙන ඇත්තේ පෙරේදා (04) ය.

මීග­මුව කොට්ඨාස ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කා­රි­ව­ර­යාගේ උප­දෙස් මත සහ­කාර පොලිස් අධි­කා­රි­ව­ර­යන් සහ මීග­මුව මූල­ස්ථාන පොලී­සියේ ස්ථානා­ධි­ප­ති­ව­ර­යාද ඇතුළු කණ්ඩා­ය­මක් ඊයේ (05) සවස 7 වන විටත් බන්ධ­නා­ගා­රය අසල රැඳී සිටි­යහ.

රාත්‍රී කාල­යේදී කල­හ­කාරී තත්ත්ව­යක් ඇති වුව­හොත් ඒ සඳහා අවශ්‍ය ආර­ක්ෂක නිල­ධා­රීන් කණ්ඩා­යම් මේ සඳහා පොලී­සිය විසින් සූදා­නම් කර­මින් සිටී. සිද්ධිය සම්බ­න්ධ­යෙන් පොලී­සිය හා බන්ධ­නා­ගාර නිල­ධා­රීන් එක්ව වැඩි­දුර විම­ර්ශන සිදු කරන අතර රැඳ­වූ­වන් තමන්ගේ වාට්ටු­ව­ලට යෑමට නිල­ධා­රීන් සමඟ පැවැති සාක­ච්ඡා­ව­කදී එක­ඟ­තාව පළ කර ඇති නමුත් පත්‍රිය මුද්‍ර­ණ­යට යන අව­ස්ථාව වන තෙක්ම ඔවුන් වාට්ටු­ව­ලට ගොස් නොති­බිණු අතර බන්ධ­නා­ගා­රය ඇතු­ළත තත්ත්වය සම­නය වී තිබුණේ නැත.

මේ සිද්ධිය සම්බ­න්ධ­යෙන් නිශ්චිත තොර­තු­රුක් දැන ගැනී­මට බන්ධ­නා­ගාර ජ්‍යෙෂ්ඨ නිල­ධා­රින් කිහි­ප­දෙ­නකු දුර­ක­ත­න­යෙන් සම්බන්ධ කර ගැනී­මට උත්සාහ කළද එම උත්සා­හ­යන් ව්‍යාර්ත විය.

උපුටා ගැනීම දිනමිණ – රන්මලී සෝම­සිරි, මීග­මුව සමූහ- අකිලා නදී­ශානි බණ්ඩාර, මීග­මුව විශේෂ ඩී. මිහි­ඳු­කුල

Follow by Email
LinkedIn
Share
WhatsApp