Impartial news reporting for a stronger democratic society
ඉන්දි­යාව තුළ ඩොලර් බිලි­යන 13ක් අයෝ­ජ­න­ය කරන්න ඇම­සන් සමා­ග­ම සුදානම් !

කෘත්‍රිම බුද්ධිය සහ ක්ලවුඩ් තාක්ෂණ යටි­තල පහ­සු­කම් සංව­ර්ධ­නය කිරීමේ අරමුණ ඇතිව  ලෝක ප්‍රකට ඇම­සන් සමා­ගම 2030 වසර වන විට ඉන්දි­යාව තුළ අමෙ­රි­කානු ඩොලර් බිලි­යන 13ක අති­රේක ආයෝ­ජ­න­යක් සිදු  කිරීමට සැලසුම්  කැර තිබේ.

නව අයෝ­ජ­නය සිදු ­වන්නේ පසු­ගිය වස­රේදී ඇම­සන් සමා­ගම ප්‍රකා­ශ­යට පත් කළ ඩොලර් බිලි­යන 35ක සැල­සු­ම්ගත ආයෝ­ජ­න­යට අම­ත­රව බව රොයි­ටර් පුවත් සේවයේ වාර්තාවක් උපුටා දක්වමින් Cyber World  Press සඳ­හන් කෙළේය.

ඇම­සන් සමා­ගමේ ප්‍රධාන විධා­යක නිල­ධාරී ඇන්ඩි ජැසී පසු­ගි­යදා නව­දිල්ලි නුව­රදී ඉන්දීය අග­මැති නරේන්ද්‍ර මෝදි සමඟ පැවති සාක­ච්ඡා­වකින්  පසු එම නිවේ­ද­නය සිදු කැර තිබේ. මුම්බායි සහ හයි­ද්‍ර­බාද් කලාප පුරා පව­තින කෘත්‍රිම බුද්ධි සහ ක්ලවුඩ් යටි­තල පහ­සු­කම් ශක්ති­මත් කිරී­මට මෙම­ඟින් සහය ලැබෙනු ඇතැයි ඇම­සන් සමා­ගම වැඩි­දු­ර­ටත් නිවේ­ද­නය කැර තිබේ.

මේ වන විට අමෙ­රි­කාව කේන්ද්‍ර කැර­ගත් ලෝක ප්‍රකට තාක්ෂ­ණික සමා­ගම් රැසක් ඉන්දි­යාවේ කෘත්‍රිම බුද්ධි සංව­ර්ධ­නය සඳහා ඩොලර් බිලි­යන ගණ­නා­වක් ආයෝ­ජ­නය කැර තිබේ. මයි­ක්‍රො­සොෆ්ට් සමා­ගම ඩොලර් බිලි­යන 17.5ක් ආයෝ­ජ­නය කිරී­මට තීර­ණය කැර ඇති අතර, ගූගල් සමා­ගම ඉදිරි වසර 5 සඳහා ඉන්දි­යාවේ ආයෝ­ජ­නය කිරි­මට නිය­මිත මුදල අමෙ­රි­කානු ඩොලර් බිලි­යන 15 බව රොයි­ටර් පුවත් සේවය සඳ­හන් කෙළේය.( දිනමිණ ඇසුරෙන්)

Follow by Email
LinkedIn
Share
WhatsApp