Impartial news reporting for a stronger democratic society
ඉරාන – අමෙරිකා සාම ක්‍රියාව කඩාකප්පල් කරන්න බෙන්ජමින් නෙතන්යාහු කටයුතු කරමින් සිටිනවා – අමෙරිකානු බුද්ධි අංශ තහවුරු කරයි

ඉරානය සහ අමෙරිකාව  අත්සන් කළ සාම ගිවිසුම අඩාල කිරීමටත්, කඩාකප්පල් කිරීමටත්  ඊශ්‍රායල අගමැති   බෙන්ජමින් නෙතන්යාහු  කටයුතු  කරමින් සිටින බව අමෙරිකානු බුද්ධි අංශ (CIA) ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනයට අනතුරු අඟවා ඇති බව වොෂින්ටන් පෝස්ට් වාර්තා කැර ඇති බව Cyber World Press අනාවරණ කරයි.  
මෙම අනතුරු ඇඟවීම CIA සංවිධානය  සිදු කැර ඇත්තේ, ලෙබනනයේ උත්සන්න වන ගැටුම් තත්ත්වය සහ ඉරානයේ සහාය ලබන Hezbollah සංවිධානයට එරෙහි ඊශ්‍රායල හමුදා මෙහෙයුම් සම්බන්ධයෙන් අමෙරිකාව හා ඊශ්‍රායලය අතර මතුව ඇති මතභේදය අතරතුරුය.

ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක කරගත් හමුදා මෙහෙයුම් දිගටම පවත්වාගෙන යෑමට ඊශ්‍රායලය සැලසුම් කරන බව වාර්තා වී ඇතැයි අමෙරිකාවේ බුද්ධි තොරතුරු උපුටා දක්වමින් වොෂින්ටන් පෝස්ට්  සඳහාන් කැර තිබු බව  Cyber World Press අනාවරණය  කරයි.එවැනි පියවර නිසා,  කලාපීය සතුරුකම් අවසන් කිරීම අරමුණු කරගත් අමෙරිකානු – ඉරාන රාජ්‍ය තාන්ත්‍රික රාමුවට බාධාවක් විය හැකි බව ද එම  බුද්ධි තොරතුරුවල සඳහන්  යැයි වොෂින්ටන් පෝස්ට් වාර්තා  කැර තිබේ .
අමෙරිකානු නිලධාරීන්ගේ මතය අනුව, අඛණ්ඩ ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් වොෂින්ටනය සහ ටෙහෙරානය අතර සිදුවන සාකච්ඡා අඩාල විය හැකි අතර, සාම ගිවිසුමක් සඳහා පවතින අවස්ථාද අවදානමට ලක්විය හැකි බව පෙන්වා දෙයි..
ඊයේ [19] දකුණු ලෙබනනයේදී හිස්බුල්ලා ඩ්‍රෝන ප්‍රහාරයකින් ඊශ්‍රායල සොල්දාදුවන් සිව් දෙනෙකු මිය යෑමෙන් අනතුරුව, ඊශ්‍රායලය  ලෙබනනයේ ප්‍රදේශය පුරා ගුවන් ප්‍රහාර රැසක් දියත් කැර තිබේ. එම උත්සන්න වීම හේතුවෙන්  අමෙරිකානු සහ ඉරාන නිලධාරීන් අතර පැවැත්වීමට නියමිත සාකච්ඡා කිහිපයක්, ඒ අතර උප ජනාධිපති J. D. Vance සහභාගී වීමට නියමිත රැස්වීමක්ද, කල් දැමුණු බව වාර්තා වෙයි.
මේ අතර, ඉදිරි ජාතික මැතිවරණය සැලකිල්ලට ගනිමින් ලෙබනනයේ හමුදා මෙහෙයුම් නතර නොකරන ලෙස නෙතන්යාහුට දේශීය දේශපාලන බලපෑම් එල්ල වී ඇති බව ද සඳහන් වේ.
ඊශ්‍රායල බලධාරීන් පවසන්නේ මෙහෙයුම් අඩු කිරීම හෝ හමුදා ඉවත් කිරීම දේශපාලනිකව පිළිගත නොහැකි බවයි. එහෙත්  අමෙරිකානු නිලධාරීන්ගේ අදහස වන්නේ එවැනි අඛණ්ඩ මෙහෙයුම් ඉරානය සමඟ ගොඩනැගෙමින් පවතින බිඳෙන සුළු රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාවලිය බිඳ දැමීමේ අවදානමක් ඇති බවයි.
ඊශ්‍රායල ප්‍රහාරවල පරිමාණය සහ තීව්‍රතාවය සම්බන්ධයෙන් ට්‍රම්ප් පරිපාලනය සහ නෙතන්යාහු රජය අතර ආතතියක් වර්ධනය වෙමින් පවතින බවද වාර්තා වේ.
ප්‍රංශයේ පැවති සාකච්ඡාවකදී ජනාධිපති ට්‍රම්ප්, ලෙබනනය සම්බන්ධයෙන් නෙතන්යාහු සමඟ “සුළු මතභේදයක් ” පවතින බව පිළිගෙන, ඊශ්‍රායල හමුදා ක්‍රියාමාර්ගවල සංයමයක් අවශ්‍ය බව අවධාරණය කැර තිබේ.
දකුණු ලෙබනනයේ විශාල භූමි ප්‍රමාණයක ඊශ්‍රායල හමුදා තවදුරටත් රැඳී සිටීම සහ මෙහෙයුම් පවත්වාගෙන යෑම, කල්පවත්නා සටන් විරාමයක් ඇති කැර ගැනීමේ ප්‍රධාන බාධාවක් ලෙස සැලකෙන අතර, හමුදා ඉවත් නොකළහොත් නැවතත් ගැටුම් උත්සන්න වීමේ අවදානම ඉහළ මට්ටමක පවතින බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

Follow by Email
LinkedIn
Share
WhatsApp