
වැල්ලවත්ත හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ ආරක්ෂක නිලධාරීන් පසුගිය වසරේ මැයි මාසයේ කාන්තාවකගේ ගමන් බෑගයක් පරීක්ෂා කිරීමේදී සොයා ගත් “රන් ආලේපිත” ටී-56 ගිනිඅවිය පිළිබඳ නඩුවෙන් නිදහස් වූ හිටපු ඇමැති දුමින්ද දිසානායක, නව සාක්ෂි හමුවේ යළිත් සැකකරුවකු ලෙස නම් කිරීමට අධිකරණය පියවර ගෙන ඇත.
නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් මත ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (ජුනි 19) හිටපු ඇමැති දුමින්ද දිසානායක ට වහාම අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කිරීමට නියෝග කෙළේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් දුමින්ද දිසානායක අත්අඩංගුවට ගෙන පසුව 2025 ජූලි 29 වැනි දා ගල්කිස්ස අධිකරණය ඔහුව ඇප මත මුදාහරිනු ලැබිණි.ගල්කිස්ස අධිකරණය දුමින්ද දිසානායක හිටපු ඇමැතිවරයා එසේ මුදා හරිනු ලැබූවේ ප්‍රමාණවත් සෘජු හෝ අවස්ථානුගත සාක්ෂි නොමැති වීම හේතුවෙන් බව සඳහාන්ය.
හිටපු ඇමැති දුමින්ද දිසානායක නිදහස් වී වසරකට පසුව, ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය (TID) සිදු කළ විමර්ශනයකින් අනාවරණය වී ඇත්තේ, ඔහුට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි ඇති බවයි. ඒ් අනුව , 2026 ජූනි 19වැනි දා යළිත් ඔහු සැකකරුවකු කිරීමට නීතිපතිවරයා තීරණය කැර ඇත.
නීතිමය ක්‍රියාවලිය සාධාරණව ක්‍රියාත්මක වන බවට මෙය එක් අතකින් සාක්ෂියකි; මන්ද මුලින් සාක්ෂි හිඟකමින් නිදහස් වූවද, විමර්ශන නතර නොකර ඉදිරියට ගෙන ගොස් ඇත. අනෙක් අතට, දේශපාලන ක්ෂේත්‍රය තුළ මෙම “නැවත නම් කිරීම” උපායමාර්ගික මෙවලමක් ලෙස භාවිත වන්නේද යන්න පිළිබඳවද විවිධ මත පළවේ. කෙසේ වෙතත්, ගිනිඅවියේ සැබෑ අයිතිය සහ එය ළඟ තබා ගැනීමේ අරමුණ කුමක්ද යන්න තවදුරටත් අධිකරණ තීන්දුව මතම තීරණය වනු ඇති නිතිඥයන් පවසති.
