Impartial news reporting for a stronger democratic society
චෙම්මනි සමුහ මිනීවළේ කැණීම්වලට ජාත්‍යන්තර විමර්ශනයක් ඉල්ලා අධිකරණ ඇමැතිට බලකරන යාපනයේ විරෝධතාවට අධිකරණ තහංචියක් !

ශ්‍රී ලංකාවේ විශාලතම සමූහ මිනීවල ලෙස සැලෙකෙන චෙම්මනි හි කැනීම් හා  විමර්ශන කටයුතු ජාත්‍යන්තර අධීක්ෂණයක් යටතේ පවත්වන ලෙස බල කරමින්  උතුරේ දෙමළ ජනතා  පැවැත් වු විරෝධතාවයට එරෙහිව යාපනය උසාවිය තහනම් නියෝගයක් පැනවීම නිසා  දැඩි  උණුසුම් තත්ත්වයක්  ඇති වු බව  වාර්තා වෙයි.
ඊයේ (සිකුරාදා -19) චෙම්මනි සමුහ මිනීවළේ කැණීම්  අරඹා අවුරුද්දකට පසු එය නැරඹීමට පැමිණි,  අධිකරණ  ඇමැති  හර්ෂණ නානායක්කාගේ ප්‍රධානත්වයෙන් යුත් දහතුන් දෙනකුටත් අතුරුදහන් තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ අට දෙනකුටත් යාපනය මහේස්ත්‍රාත් අධිකරණය අවසර  ලබා දී තිබුණි.

සමූහ මිනීවළවල් හා අතුරුදහන් කරනු ලැබුවන් සම්බන්ධයෙන් ජාත්‍යන්තර  අධිකරණ ක්‍රියාවලියක් තුළ යුක්තිය ඉටුකරන ලෙසත්, දේශීය විමර්ශන ප්‍රතිෂේප කරන  බවත් ඉල්ලා උතුරු නැඟෙනහිර බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද්දවුන්ගේ සංගමය විරෝධතාවක් පැවැත් වුහ.  
එම විරෝධතාවට එරෙහිව යාපනය පොලිසිය කරන ලද ඉල්ලීමක් අනුව යාපනය මහේස්ත්‍රාත් අධිකරණය තහනම් නියෝගයක්   පැනවීය. එම නියෝගයට අනුව අතුරුදහන් වුවන්ට යුක්තිය සොයන ශ්‍රී ලංකාවේ දීර්ඝතම අඛණ්ඩ අරගලයට නායකත්වය දෙන කනගරන්ජනී යෝගරාසා, සිවකුමාර් ඉලන්කෝදෙයි හා සිවානන්දන් ජෙනීටා ටත්, තවතිරු වේලන් හින්දු පුජකතුමාටත්, ගජෙන්ද්‍රකුමාර් පොන්නම්බලම් මන්ත්‍රීවරයාටත්, දෙමළ ජාතික ජනතා පෙරමුණේ මහලේකම් සෙල්වරාසා ගජෙන්ද්‍රන්ද්‍රන්ටත්, ඔවුන් සමඟ පැමිණෙන්නන්ටත් එරෙහිව මෙම  තහනම් නියෝගය  ක්‍රියාත්මක  කෙළේය.
එමඟින් චෙම්මනි සුසාන භුමිය ඉදිරිපිට A 9 මාර්ගයේ ආරම්භක ස්ථානයේ සිට පලාලි පාර හන්දිය දක්වා සහ බස් නැවතුම්පොළ මංසන්ධිය හරහා යාපනය පොලිස් ස්ථානයට යන ප්‍රධාන මාර්ගය ඔස්සේ මාර්ග බාධක නිර්මාණය කිරීම හෝ බාධක ඉදිකිරීම සම්පූර්ණයෙන්ම තහනම් කැර ඇතැයි යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා නිකුත් කැර ඇති නිවේදනයක දක්වා තිබේ.

ප්‍රජාතන්ත්‍රවාදී ලෙස බලපෑම් කරන විරෝධතාවකට එරෙහිව අධිකරණ ඇමැතිවරයාගේ  ඉල්ලීම පරිදි පොලිසිය අධිකරණයෙන් නියෝගයක් ලබාගෙන ඇත්තේ, වධහිංසාව වැලැක්වීම සඳහා පත්කොට තිබෙන එක්සත් ජාතීන්ගේ ඉහල මණ්ඩලයක නියෝජිත පිරිසක් ශ්‍රී ලංකාවේ නිල සංචාරයක යෙදී සිටියදී බව උතුරේ මානව හිමිකම් සංවිධානය  පවසති.

Follow by Email
LinkedIn
Share
WhatsApp