Impartial news reporting for a stronger democratic society
ගල්ෆ් රට­වල ඇති අමෙ­රි­කානු කඳ­වුරු 21කට ඉරානය  පහර දෙයි

හෝමූස් සමුද්‍ර සන්ධිය ආස­න්න­යේදී හෙලි­කො­ප්ටර් යාන­යක් අන­තු­රට ලක්වීම මුල් කර­මින් අමෙ­රි­කානු හමු­දා­වෙන් එල්ල වූ ප්‍රහා­ර­යට ප්‍රති­චාර ලෙස, ගල්ෆ් රට­වල පිහිටි අමෙ­රි­කානු කඳ­වුරු ඇතුළු ඉලක්ක 21කට පහර දුන් බව ඉරාන ආර­ක්ෂක හමු­දාව නිවේ­ද­නය කැර ඇතැයි ටෙහේරානයේ සිටින Cyber World Press විශේෂ නියෝජිත සඳහාන් කරයි.

 බහ­රේන් රාජ්‍යයේ පිහිටි අමෙ­රි­කානු පස්වැනි නාවික බළ­ඇ­ණි­යට සහ ජෝර්දා­නයේ අමෙ­රි­කානු හමු­දාව රැඳී සිටින ගුවන් කඳ­වු­ර­කට ඩ්‍රෝන ප්‍රහා­ර­යක් එල්ල කළ බව ඉරාන ආර­ක්ෂක හමු­දාව නිකුත් කළ නිවේ­ද­නයේ සඳ­හන් කැර ඇති බව වාර්තා වේ.

කුවේට්, ජෝර්දාන් සහ බහ­රේන් රාජ්‍ය­යන් හි පිහිටි අමෙ­රි­කානු හමුදා කඳ­වු­රු­ව­ලට එල්ල කළ මිස­යිල ප්‍රහා­රය සම්බ­න්ධව අමෙ­රි­කානු රජය ප්‍රකා­ශ­යක් නිකුත් කැර නැති අතර, එම ප්‍රහා­ර­ව­ලින් සිදු වූ හානිය මෙතෙක් වාර්තා වී නැතැයි Cyber World Press සඳ­හන් කරයි.

 ඉරා­න­යෙන් එල්ල කළ මිස­යිල පහක් සිය ගුවන් ආර­ක්ෂණ පද්ධ­ති­යෙන් බිම හෙළූ බව ජෝර්දාන හමු­දාව නිවේ­ද­නය කර ඇති අතර, බහ­රේන් සහ කුවේට් රාජ්‍ය­යන් සඳ­හන් කර ඇත්තේ ඉරාන මිස­යිල ප්‍රහාර වැළැ­ක්වී­මට සමත්වූ බවය.

Follow by Email
LinkedIn
Share
WhatsApp