Impartial news reporting for a stronger democratic society
කැනඩාවේ වයස අවුරුදු 16ට අඩු ළමුන්ට සමාජ මාධ්‍ය තහනම්!

කැනඩාවේ වයස අවුරුදු 16 ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කරනු ලබන අතර, ඇතැම් ආරක්ෂක ප්‍රමිතීන් සපුරාලන වේදිකා සඳහා පමණක් අවසර  ලැබී තිබේ.

කැනඩා  රජය  පසුගිය දා හඳුනා දෙන ලද  නව ඩිජිටල් ආරක්ෂණ පනත  මඟින් මෙම තහනම පනවා තිබේ.

ආරක්ෂක ප්‍රමිතීන් ස්ථාපිත කිරීම සඳහා ඩිජිටල් නියාමකයකු පිහිටුවීමෙන් AI චැට්බෝට් ආරක්ෂිත කිරීම ද මෙම පනත් කෙටුම්පතේ අරමුණ බව එරට රජයේ නිලධාරියෙක් පැවසීය.
යෝජිත “ඩිජිටල් ආරක්ෂණ පනත” මඟින් දරුවන්ට සිදුවන හානිය පිළිබඳ සැලකිලිමත් වීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවේදිකා මර්දනය කිරීමට පියවර ගන්නා රටවල් අතර නවතම රට බවට කැනඩාව පත් කැර ඇත .

Follow by Email
LinkedIn
Share
WhatsApp