
ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ විහාරස්ථානයක විහාරාධිපති හිමියන් වයස අවුරුදු 10 ක පිරිමි ළමයකුට ලිංගික අතවර කිරීමේ චෝදනාවට වරදකරු වී වසර 24 ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම වී ඇත.
පසුගිය දා (05) මධ්‍යම පළාත් සිවිල් අභියාචනා මහාධිකරණ විනිසුරු රුවන් ධම්මික දිසානායක මෙම තීන්දුව ලබා ඇත.
සිවලාකුලම් ශ්‍රී සීවලී චෛත්‍යාරාම විහාරයේ 40 හැවිරිදි පොල්ගම්පොළ ධර්මාලෝක හිමියන්ට වින්දිත ළමයාට රුපියල් ලක්ෂ 5 ක වන්දියක් ගෙවීමට ද අධිකරණය නියෝග කැර තිබේ.
වන්දි ගෙවීමට අපොහොසත් වුවහොත් තවත් වසර දෙකක සිර දඬුවමක් නියම කරන බව දන්වා ඇත.
