
යුක්රේන යුද්ධය අවසන් කිරීම සඳහා වොලොඩිමියර් සෙලෙන්ස්කි සමඟ මුහුණට මුහුණ සාකච්ඡා කිරීමෙන් කිසිදු පළක් නැති බව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ප්රකාශ කැර ඇති බව මොස්කව් නුවර සිටින Cyber World Press විශේෂ නියෝජිත සඳහාන් කරයි.
යුක්රේන – රුසියා යුද්ධය අවසන් කිරීම සඳහා තමන් ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සමඟ මුහුණට මුහුණ සාකච්ඡා කිරීමට සුදානම් බව වොලොඩිමියර් සෙලෙන්ස්කි ක්රෙමිලිනය වෙත ලිපියක් යවමින් කළ ප්රකාශයෙන් පසු රුසියානු ජනාධිපතිවරයා මේ බව පවසා තිබේ.
2022 දී රුසියාව යුක්රේනය පූර්ණ පරිමාණයෙන් ආක්රමණය කිරීමත් සමඟ ආරම්භ වූ යුද්ධය නැවත වරක් අමෙරිකා එක්සත් ජනපදයේ අවධානයට ලක්වන තෙක් “ සරලව බලා සිටීම වැරදි ” බව සෙලෙන්ස්කි ලිපියක් මඟිනි පසුගිය දා [04-06- 26 ] ක්රෙමිලිනය දන්වා ඇතැයි Cyber World Press සඳහන් කැර ඇත .
යුක්රේන ජනාධිපතිවරයා සටන් විරාමයක් ද ඉල්ලා සිටි අතර, එම ලිපිය ලියා ඇත්තේ රුසියාව සමච්චලයට ලක් කරන ස්වරයකින් බව රුසියානු පුවත් තොරතුරු උපුටා දක්වමින් Cyber World Press අනාවරණය කරයි
