
ඉරානය සහ අමෙරිකාව අතර මේ වන විට කිසිදු සාකච්ඡාවක් නොපවතින බවත්, දැනට සිදුවන්නේ අතරමැදියන් හරහා පණිවිඩ හුවමාරු කර ගැනීම පමණක් බවත් , ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිදු කරන ප්‍රකාශවල කිසිදු සත්‍යතාවයක් නැතැයි ඉරානය විදේශ ඇමැති අබ්බාස් අරග්චි නැවත වරක් සඳහාන් කළ බව විදේශ මාධ්‍ය වාර්තා කැර තිබේ.
ඉරානය විදේශ ඇමැති අබ්බාස් අරග්චි මේ බව සඳහාන් කෙළේ Wisconsin හි පැවති මාධ්‍ය හමුවකදී, ජනාධිපති ට්‍රම්ප් පැවසු ප්‍රකාශයට පිළිතුරු ප්‍රකාශයක් කරමිනි.
ජනාධිපති ට්‍රම්ප් මෙසේද ප්‍රකාශ කැර ඇත.
ඉරානය සමඟ පවතින සාකච්ඡා සාර්ථක මට්ටමක තිබෙනවා. ඇතැම්විට මෙම සති අන්තය වන විට තාවකාලික එකඟතාවක් ඇති කරගත හැකි. නමුත් ඉරානයට කිසිසේත්ම න්‍යෂ්ටික ආයුධ නිෂ්පාදනය කිරීමට ඉඩ දෙන්නේ නැහැ. ඔවුන් සතු පොහොසත් කරන ලද යුරේනියම් තොග අමෙරිකාවට භාර දිය යුතුයි. එසේම පවතින නාවික අවහිරතා ඉවත් කර, හෝර්මුස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීම ඇමෙරිකාවේ ප්‍රධාන කොන්දේසියක් බව ට්‍රම්ප් පවසා තිබේ..
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රකාශයට පිළිතුරු දෙමින් විදේශ ඇමැති අබ්බාස් අරග්චි පවසා ඇත්තේ, තැන තැන කරන ප්‍රකාශන මුළුමනින්ම ඉරානය ප්‍රතික්ෂේප කරනවා. ඒ්වා අපි ගණන් ගන්නේ නැහැ.
ලෙබනනයේ බීරූට් නගරයට ඊශ්‍රායලය එල්ල කරන ප්‍රහාර නතර නොකරන්නේ නම්, දැනට පවතින සටන් විරාම එකඟතාවලින් ඉරානය ඉවත් වෙනවා. අපි අනතුරු අඟවනවා. සම්බාධක ඉවත් කිරීම, රදවා ගෙන සිටින ඉරාන මුදල් නිදහස් කිරීම සහ කලාපයෙන් අමෙරිකානු හමුදා ඉවත් කරගැනීම ඉරානයේ ඉල්ලීම් බව විදේශ ඇමැති අබ්බාස් අරග්චි පවසා ඇතැයි Cyber World Press සඳහාන් කරයි.
