
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ඉන්දීය ජනතාවට සහ අගමැති නරේන්ද්‍ර මෝදි පසුගිය දා පැසසුමට ලක් කර ඇතැයි බ්‍රිතාන්‍යයේ ඉන්ඩිපෙන්ඩන්ට් පුවත් සේවය වාර්තාවක් උපුටා දක්වමින් Cyber World Press සඳහාන් කරයි.
බටහිර ඉවුරේ පැවති උත්සවයකට එක් වෙමින් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු මේ අදහස් පළ කැර ඇත.
අගමැති බෙන්ජමින් නෙතන්යාහු තවදුරටත් ප්‍රකාශ කැර අත්තේ, ඉරානයට සහ හිස්බුල්ලා සංවිධානයට එරෙහිව සිදු කළ ප්‍රහාරවලට ලොව පුරා රටවල් රැසකින් තමන්ට විවේචන එල්ල කරද්දී ඉන්දියාව රාජ්‍යතාන්ත්‍රික සබඳතා ශක්තිමත් කැරගත් අයුරු සිහිපත් කැර ඇත.
සිය යුද ප්‍රහාර හේතුවෙන් ජාත්‍යන්තරයේ හුදෙකලා වීමේ තත්ත්වයක් මතුවූ බවත්, එවැනි මොහොතක ඉන්දියාවේ සම්බන්ධතාව වර්ධනය වීම විශාල ජයග්‍රහණයක් බව ඊශ්‍රායල අගමැතිවරයා ප්‍රකාශ කළ බව ඉන්ඩිපෙන්ඩන්ට් පුවත් සේවය වැඩිදුරටත් සඳහාන් කැර ඇති බව Cyber World Press වාර්තා කරයි.
ඊශ්‍රායලයට ලොව බොහෝ රටවල් සමඟ රාජ්‍යතාන්ත්‍රික ගැටුම් පැවතියද, ඉන්දියාව සමඟ එවැනි කිසිදු අර්බුදයක් උද්ගත වී නැති බවත්, ඉන්දීය ජනතාව තුළ ඊශ්‍රායල සම්බන්ධව විශාල ගරුත්වයක් ඇති බවත් නෙතන්යාහු ප්‍රකාශ කළ බව ඉන්ඩිපෙන්ඩන්ට් පුවත් සේවය සඳහන් කැර තිබේ.

