
යුක්රේනයේ නගර කිහිපයකට රුසියාව එක රැයකදී දැවැන්ත ප්‍රහාර මාලාවක් එල්ල කිරීමෙන් පුද්ගලයන් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වෙයි.
අඟහරුවාදා අලුයම එල්ල වූ මෙම රුසියානු ප්‍රහාරවලින් ඩිනිප්‍රෝ නගරයේ සිව් දෙනෙකු සහ කියෙව් අගනුවර එක් අයෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ප්‍රහාරයත් සමඟ අගනුවර මධ්‍යයෙන් විශාල දුම් රොටු නැඟී ඇති අතර දහස් සංඛ්‍යාත පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා ගොස් තිබෙන බව සදහන් වේ.
යුක්රේනයේ බොහෝ ප්‍රදේශවලට ගුවන් ප්‍රහාර පිළිබඳ අනතුරු ඇඟවීම් නිකුත් කැර ඇති බව එරට මාධ්‍ය වාර්තාවල දැක්වේ.
පසුගිය මාසයේ රුසියාව යටතේ පවතින ලුහාන්ස්ක් කලාපයට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයකට ප්‍රතිචාර වශයෙන් මෙලෙස ක්රමානුකූල ප්‍රහාර එල්ල කරන බව මොස්කව් පරිපාලනය මීට පෙර ප්‍රකාශ කැර තිබුණි.

