Impartial news reporting for a stronger democratic society
විදෙස් රටවල අයෝජනවලට චීනයෙන් නව රෙගුලාසි

විදෙස් රටවල සිදු කෙරෙන චීන ආයෝජන සඳහා නව රෙගුලාසි නිකුත් කරමින්, ඊට අදාළ රාජ්‍ය කවුන්සිලයේ නියෝගය චීන අගමැති Li Qiang අත්සන් තබා ඇති බව Cyber World Press සඳහාන් කරයි.

2026 වසරේ ජූලි මස 01 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක වන මෙම රෙගුලාසිවලට  අදාළ අරමුණු කිහිපයක් වේ. එනම්, රටේ ඉහළ ප්‍රමිතියෙන් යුත් විවෘතභාවය සහ විදේශ ආයෝජනවල උසස් තත්ත්වයේ සංවර්ධනය ප්‍රවර්ධනය, ආයෝජකයන්ගේ සහ ඔවුන්ගේ විදේශ ආයෝජනවල නීත්‍යනුකූල අයිතිවාසිකම් සහ අවශ්‍යතා ආරක්ෂා කිරීම මෙන්ම ජාතික ස්වෛරීභාවය, ආරක්ෂාව හා සංවර්ධන අවශ්‍යතා සුරක්ෂිත කිරීමයි.

වගන්ති 34කින් සමන්විත මෙම රෙගුලාසිය  මඟින් ඉහළ ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් ආර්ථික සහ වෙළෙඳ නීති සමඟ ක්‍රියාකාරීව පෙළගැසීමටත්, උසස් තත්ත්වයෙන් යුත් එක් තීරයක් සහ එක් මාවතක් සහයෝගීතාවය ඉදිරියට ගෙන යෑමට සහ කාර්මික හා සැපයුම් දාමයන්හි ජාත්‍යන්තර සහයෝගීතාව ප්‍රවර්ධනයටත් ගන්නා වූ උත්සාහයන් මතු කෙරෙනු ඇත.

වෙළෙඳ පොළ ප්‍රතිපත්තීන්ට අනුකූලව විදේශ ආයෝජන ක්‍රියාකාරකම් සිදු කිරීමට සහ ජාත්‍යන්තර සහයෝගීතාවයට මෙන්ම තරඟකාරිත්වයට ද සක්‍රියව සහභාගී වීම සඳහා ආයෝජකයින් වෙනුවෙන් චීනය සහාය දක්වන බව මෙම රෙගුලාසියේ වැඩිදුරටත් සඳහන් වේ.

එමෙන්ම අදාළ බලධාරීන්, වෘත්තීය ආයතන, කර්මාන්ත සංගම් මෙන්ම වෙළෙඳ සහ ආයෝජන ප්‍රවර්ධන සංවිධාන සම්බන්ධ කැර ගනිමින් පුළුල් සේවාවන් වැඩිදියුණු කිරීම මෙහිදී අවධාරණය කෙරේ.

අවදානම් වැළැක්වීම සහ පාලනය ශක්තිමත් කිරීම, විදේශ ආයෝජනවල යහපත් බව සහ ආරක්ෂාව වැඩිදියුණු කිරීම මෙන්ම ආයෝජකයන්ගේ මූලික වගකීම තහවුරු කිරීම සහ විදේශ ආයෝජන වෙළෙඳ පොළේ ක්‍රියාකාරිත්වයට සිදුවන ඕනෑම බාධාවක් වළක්වා ගැනීම ද මෙම නීති මඟින් අවධාරණය කැර ඇත.

තවද, ජාත්‍යන්තර ආර්ථික හා වෙළෙඳ ගිවිසුම් සාකච්ඡා කිරීම සහ ඒවා අවසන් කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාකාරී කාර්යයන් අවධාරණය කරමින්, විවිධ යාන්ත්‍රණ හරහා ආයෝජන ආරවුල් විසඳීම දිරිමත් කිරීම ද මෙම රෙගුලාසිය මඟින් සිදු කෙරේ.

Follow by Email
LinkedIn
Share
WhatsApp