
අමෙරිකානු ගුවන් හමුදා කඳවුරකට පහරදුන් බව ඉරාන විප්ලවවාදී ආරක්ෂක හමුදාව ප්‍රකාශ කළ බව Cyber World Press සඳහාන් කරයි.
අමෙරිකානු හමුදාව එල්ල කළ ගුවන් ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස මැදපෙරදිග කලාපයේ පිහිටි අමෙරිකානු කඳවුරකට ප්‍රහාර එල්ල කළ බව ඉරාන විප්ලවවාදී ආරක්ෂක හමුදාව ප්‍රකාශ කැර තිබේ.
එම කඳවුර පිහිටි ස්ථානය සඳහන් කිරීමකින් තොරව එම නිවේදනය නිකුත් වුවද, ඉරානයෙන් මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වූ බව කුවේට් රාජ්‍යය නිවේදනය කැර ඇතැයි වාර්තා වේ. සටන් විරාමය උල්ලංඝනය කරමින් අමෙරිකානු හමුදාව දිගින් දිගටම ඉරානයට ප්‍රහාර එල්ල කරමින් සිටින බවත්, එම ප්‍රහාරවලට ප්‍රතිචාර දැක්වීමට ඉරානය පසුබට නොවන බව ඉරාන විප්ලවවාදී ආරක්ෂක හමුදාව ප්‍රකාශ ප්‍රකාශ කැර තිබේ.
මේ අතර ඉරාන විදේශ ඇමැති අබ්බාස් අරග්චි සඳහන් කැර ඇත්තේ දෙපාර්ශ්වය අතර තවදුරටත් සාකච්ඡා සිදු වුවද, ගිවිසුමක් සඳහා අවශ්‍ය පසුබිම මෙතෙක් නිර්මාණය වී නැති බවයි. අමෙරිකාව නිරතුරුවම සිය අදහස් සහ යෝජනා සංශෝධනය කරමින් පරස්පර විරෝධී ඉල්ලීම් ඉදිරිපත් කරන බවත්, ගිවිසුම ප්‍රමාද කිරීම සඳහා සාකච්ඡා තවදුරටත් දීර්ඝ කිරිමට කටයුතු කරන බවත් ඉරාන විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කැර ඇතැයි Cyber World Press සඳහාන් කරයි. ( දිනමිණ ඇසුුුුරෙන් )

