
මහනුවර බහිරවකන්ද සුදර්ශනාරාම විහාරස්ථානයේ (ශ්‍රී මහා බෝධි විහාරය) වැඩ සිටින 25 හැවිරිදි බෞද්ධ හිමිනමක්, 15 හැවිරිදි බාලවයස්කාර දැරියක් අපයෝජනය කිරීමේ පුවතක් වාර්තා වේ.
වඩාත්ම කනගාටුදායක තත්ත්වය වන්නේ, සැකකාර හිමිනම අතවරයට පත් දැරියගේ පියාගේ සහෝදරයා (බාප්පා) වීමයි.
පුණ්‍ය භූමියක සැඟවුණු සාපරාධී මෙහෙයුම
විමර්ශනවලට අනුව, මෙම අපරාධයට විහාරස්ථානයට යාබද නිවෙසක පදිංචි 29 හැවිරිදි කාන්තාවකගේ පූර්ණ ආධාර අනුබලය ලැබී තිබෙන බව වාර්තා වෙයි.
දැරිය උපක්රමශීලීව විහාරස්ථානය වෙත කැඳවාගෙන ඒම සහ අපරාධයට අවශ්‍ය පසුබිම සකස් කැර දී ඇත්තේ මෙම කාන්තාව විසිනි.
පූජනීය ස්ථානයක් තුළ මෙවැනි සාහසික අපරාධයකට ඉඩහරිමින්, ඊට අනුබල දීම සමාජයේ දැඩි පිළිකුලට ලක්ව තිබේ.
නීතිය ක්‍රියාත්මක වීම සහ වත්මන් තත්ත්වය
සිද්ධිය සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව වහාම ක්‍රියාත්මක වූ මහනුවර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය, සැකකාර හිමිනම සහ ඊට ආධාර දුන් කාන්තාව අත්අඩංගුවට ගෙන තිබේ.
මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු, සැකකාර හිමිනම රක්ෂිත බන්ධනාගාරගත කැර ඇති අතර, ආධාර දුන් කාන්තාව රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප මත මුදා හැර ඇත.
(මුලාශ්‍රය |lankatruth.com)
