Impartial news reporting for a stronger democratic society
 ජනාධිපති ට්‍රම්ප්ගේ විහිළු කතාවලින් අපට වැඩක් නෑ : උත්ත­රී­තර නායක මොජ්ටබා කමේ­නිගේ අව­ස­ර­ය­කින් තොරව අමෙ­රි­කාව සමඟ ගිවි­සු­ම් ගත වන්නේ නැහැ – ඉරාන ජනා­ධි­පති

උත්ත­රී­තර නායක මොජ්ටබා කමේ­නිගේ අව­ස­ර­ය­කින් තොරව අමෙ­රි­කාව සමඟ කිසිදු ආකා­රයේ ගිවි­සු­ම­කට එකඟතාවක්  නොදක්වන බව ඉරාන ජනා­ධි­පති මසූඩ් පෙසෙ­ෂ්කි­යන් ප්‍රකාශ  කැර ඇතැයි  ටෙහේරාන් නුවර සිටින Cyber World Press  විශේෂ නියෝජිත ප්‍රකාශ කරයි.

ඉරා­නය සමඟ සාම ගිවි­සු­ම­කට එළ­ඹීම අව­සන් අදි­යරේ පව­තින බවට අමෙ­රි­කානු ජනා­ධි­පති ඩොනල්ඩ් ට්‍රම්ප්  කළ ප්‍රකාශට පිළිතුරු දෙමින් ඉරාන ජනා­ධි­පති මසූඩ් පෙසෙ­ෂ්කි­යන් මේ බව සඳහාන්  කැර තිබේ. හෝමූස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරිම ඇතු­ළුව යෝජ­නා­ව­ලි­යට අනුව අමෙ­රි­කාව සහ ඉරා­නය අතර එම සාම ගිවි­සුම අත්සන් කිරීම අද හෙටම සිදු­වනු ඇතැයි ද ට්‍රම්ප් සඳ­හන් කැර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා  කැර තිබු බව Cyber World Press  විශේෂ නියෝජිත අනාවරණය කරයි.

පසු­ගි­යදා ඉන්දි­යාවේ සංචා­ර­යක නිරත වූ අමෙ­රි­කානු රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ ජනා­ධි­ප­ති­ව­ර­යාගේ ප්‍රකා­ශය තහ­වුරු කැර ඇති අතර, න්‍යෂ්ටික අවි­යක් නිප­ද­වී­මෙන් වැළකී සිටී­මට සහ හෝමූස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරී­මට ඉරා­නය එක­ඟ­ විය යුතු බවට ද අව­ධා­ර­ණය කැර තිබේ.

පාකි­ස්තාන අග­මැති ශෙබාස් ෂරීෆ් ද එවැනි ප්‍රකා­ශ­යක් නිකුත් කැර ඇති අතර, පාකි­ස්තාන නියෝ­ජි­ත­යන් පසු­ගි­යදා ටෙහේ­රාන් අග­නු­ව­රදී ඉරාන රජයේ නියෝ­ජි­ත­යන් සමඟ පැවති සාක­ච්ඡාව සාර්ථක බවත්, ඉදිරි දින කිහි­පය ඇතු­ළත අමෙ­රි­කානු සහ ඉරාන නියෝ­ජි­ත­යන් අතර තවත් සාකච්ඡා වට­යක් පැවැ­ත්වී­මට නිය­මිත බවත් සඳ­හන් කැර තිබේ.

අමෙ­රි­කානු ජනා­ධි­ප­ති­ව­රයා සඳ­හන් කළ ආකා­ර­යට හෝමූස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරි­මට ඉරා­නය මෙතෙක් එක­ඟ­තාව පළ කැර නැති බවත්, ඒ සඳහා විධි­මත් ක්‍රම­වේ­ද­යක් අනු­ග­ම­නය කිරි­මට සාකච්ඡා කර­මින් සිටින බවත් ඉරාන ජනා­ධි­ප­ති­ව­රයා සඳ­හන් කැර තිබේ.අවසාන වශයෙන් උත්ත­රී­තර නායක මොජ්ටබා කමේ­නිගේ අව­ස­ර­ය­කින් තොරව අමෙ­රි­කාව සමඟ කිසිදු ආකා­රයේ ගිවි­සු­ම­කට එකඟතාවක්  නොදක්වන බව ඉරාන ජනාධිපතිවරයා ප්‍රකාශ කැර ඇත.

අමෙ­රි­කාවේ යෝජ­නා­වට අනුව න්‍යෂ්ටික වැඩ­ස­ට­හන සහ යුරේ­නි­යම් නිස්සා­ර­ණය අත්හි­ටු­වී­මට එකඟ නොවූ බව ද ඉරාන ජනා­ධිප­ති­ව­රයා වැඩි­දු­ර­ටත් ප්‍රකාශ කැර තිබේ.

ඉරාන මාධ්‍ය උපුටා දක්වමින් ,Cyber World Press  සඳහාන් කරන්නේ විදේශ රට­වල ඇති ඉරාන වත්ක­ම්ව­ලින් අඩක් නිද­හස් කිරිම සහ හෝමූස් සම්‍රුද්‍ර සන්ධි­යට අදාළ ක්‍රියාපටි­පා­ටිය සැල­සුම් කිරී­මට දින 30ක් කාල­යක් සහ න්‍යෂ්ටික වැඩ­ස­ට­හන සම්බ­න්ධව තීර­ණය කිරී­මට දින 60ක කාල­යක් ඉරා­න­යට අවශ්‍ය වී ඇති බවයි.

Follow by Email
LinkedIn
Share
WhatsApp