Impartial news reporting for a stronger democratic society
ධවල මන්දි­රය ළඟ වෙඩි තැබී­මක් ! -සැක­කරු පොලිස් වෙඩි පහ­රින් මරුට

ධවල මන්දි­රයේ ආර­ක්ෂක මුර­පො­ළක් අස­ලදී ඔත්තු සේවා නිල­ධා­රීන් සමඟ වෙඩි හුව­මා­රු­වක නිරත වූ පුද්ග­ල­යකු ජීවි­ත­ක්ෂ­යට පත්වූ බව නිවියෝක් නුවර සිටින Cyber World Press  විශේෂ නියෝජිත සඳහාන් කරයි.

වෙඩි­ක්කරු නසිරි බෙස්ට් නමැති 21 හැවි­රිදි තරු­ණ­යකු බව අමෙ­රි­කාවේ සීබී­එස් පුවත් සේවය සඳ­හන් කැර ඇත.

ඔහු මාන­සික ආබා­ධ­යෙන් පෙළෙන පුද්ග­ල­යකු බවට තොර­තුරු තහ­වුරු වී ඇතැයි ද වාර්තා වේ. වෙඩි තැබීම සිදු­වන අව­ස්ථා­වේදී ජනා­ධි­පති ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දි­රයේ සිටි බව එරට මාධ්‍ය සඳ­හන් කරයි.

සෙන­සු­රාදා පස්වරු 6.00ට පමණ ධවල මන්දි­ර­යට පිට­තින් ස්ථාපිත කැර ඇති මුර කුටි­යක් අස­ලට පැමිණි සැක­කරු සිය ගමන් බෑග­යෙන් රිවෝ­ල්ව­ර­යක් පිට­තට ගෙන ඔත්තු සේවා නිල­ධා­රින්ට වෙඩි තබා ඇති ඇතැ­යිද, ආර­ක්ෂක නිල­ධා­රීන්ගේ වෙඩි ප්‍රහා­ර­යෙන් බර­ප­තළ තුවාල ලැබූ සැක­කරු රෝහ­ල්ගත කිරි­ම­ටත් පෙර ජීවි­ත­ක්ෂ­යට පත්වී ඇතැයි ද සඳහාන් වේ.

වෙඩි ප්‍රහා­ර­යෙන් ආර­ක්ෂක නිල­ධා­රීන්ට කිසිදු අන­තු­රක් සිදු­නොවූ බවත්, ඒ මොහොතේ මාර්ගයේ ගමන් කළ සිවිල් වැසි­යකු තුවාල ලබා රෝහ­ල්ගත කැර ඇති බවත් වාර්තා වේ. ඔහුගේ තත්ත්වය පිළි­බඳ තොර­තුරු අනා­ව­ර­ණය නොවූ බව Cyber World Press  විශේෂ නියෝජිත වැඩි­දු­ර­ටත් සඳහාන් කරයි.

වෙඩි තැබූ පුද්ග­ලයා මීට පෙර පසු­ගිය වසරේ ජූලි මාස­යේදී ද ධවල මන්දි­ර­යට ඇතු­ළු­වී­මට උත්සාහ කිරි­මේදී අත්අ­ඩං­ගු­වට පත්වී ඇති අතර, පසුව මාන­සික රෝහ­ල­ක ප්‍රති­කාර ලබා ඇතැයි විදෙස් මාධ්‍ය සඳ­හන් කැර ඇත.

Follow by Email
LinkedIn
Share
WhatsApp