Impartial news reporting for a stronger democratic society
‘ TIN ‘ නොගත්තොත් හිරේ ! : අලුත් සංශෝධන 19 පාර්ලිමේන්තුවට

වයස අවුරුදු 18 ට වැඩි සෑම පුරවැසියකුම බදු ගෙවන්නෙකු ලෙස හඳුනා ගැනීමේ අංකය (TIN) ලබා ගැනීම අනිවාර්ය කැර ඇත.

එය ලබා නොගැනීම, නිසි ලෙස බදු ගොනු ඉදිරිපත් නොකිරීම සහ දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා හමුවේ පෙනී නොසිටීම යන කරුණු අපරාධමය වරදක් ලෙස දැක්වෙන දේශීය ආදායම් පනත් සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට මේ වන විට කටයුතු යොදා තිබේ.
මේ අනුව එම නව සංශෝධන ලබන 19 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කැර සම්මත කැරගැනීමට නියමිතය.
රටේ බදු ගෙවන පිරිස වැඩි කැර ගැනීම සහ බදු ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට විස්සක ඉලක්කයක් කරා ළඟා කැර ගැනීම මෙම වැඩපිළිවෙළේ අරමුණ බව දේශිය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.
මේ අතර මෙම වරද යටතේ වරදකරුවන් වන අයට රුපියල් ලක්ෂ හතරක දඩයක් හා මාස හයක සිර දඬුවමක් ලබා දිය හැකි බව සඳහන්වේ.
මෙම නව සංශෝධන හා රෙගුලාසි සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු ප්‍රධාන කරුණු කිහිපයක් පහත දැක්වේ.

අපරාධමය වරදක් බවට පත්වීම:
TIN අංකය නොගැනීම, බදු වාර්තා නිසි පරිදි ඉදිරිපත් නොකිරීම සහ දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා හමුවේ පෙනී නොසිටීම යන කරුණු සඳහා නව සංශෝධන යටතේ අපරාධමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය.
අනිවාර්ය සේවා:
එළැඹෙන අප්‍රේල් 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි බැංකු ගිණුම් විවෘත කිරීම, ණයපත් ලබා ගැනීම, දේපොළ ලියාපදිංචි කිරීම, මෝටර් රථ බලපත්‍ර අලුත් කිරීම සහ ආදායම් බලපත්‍ර ලබා ගැනීම ඇතුළු මූලික සේවා රැසක් සඳහා මෙම අංකය ඉදිරිපත් කිරීම අනිවාර්ය කැර තිබේ.
TIN අංකය ලබා ගන්නා ආකාරය:
මෙම අංකය නොමිලේ ලියාපදිංචි වීමේ වෙබ් අඩවිය හරහා මාර්ගගතව (Online) හෝ ඔබේ ජාතික හැඳුනුම්පත රැගෙන දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය කාර්යාල වෙත ගොස් නොපමාව ලබාගත හැක. ( Source-The Leader )

සබැඳි පුවත් :

ප්‍රතිවාදීන් හිරේ දමන්නට පිඹුරුපත් සකසන නව දේශීය ආදායම් පනතක් ! – සජිත් අනාවරණය කරයි



Follow by Email
LinkedIn
Share
WhatsApp